*
Friday, March 29, 2024
spot_img

Latest Posts

අරුන්දික ප්‍රනාන්දු හතර වටටම ඇනයක් වෙයි. තෙල් සංස්ථාවටත් පැන ඩෙඟා නටලා !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා මේ දිනවල උදෑසන සිටම අග්‍රාමාත්‍ය කාර්යාලය අවට ගැවසෙමින් නොයෙකුත් ඩීල් දැමීමට තැත් කරමින් සිටින බව ආරංචිමාර්ග පවසයි.

තමන් රාජපක්ෂවරුන්ගේ සෘජු නියෝජිතයකු බව කියමින් නොයෙකුත් පුද්ගලයින්ගේ බ්‍රෝකර් වැඩ කිරීමට උත්සාහ දරණ ඔහු මේ වනවිට අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන්ට ද මහත් කරදරයක් වී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

ජනතාවට මුහුණ දෙන්නට ඇති බිය නිසා විශාල ජීප් රථ වෙනුවට කුඩා විට්ස් වර්ගයේ මෝටර් රථයකින් කොළඹ තුළ ගමන් බිමන් යන අරුන්දික ප්‍රනාන්දු මහතා ඊයේ (29) දිනයේදී ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට කඩාවැදී එහි සභාපතිවරයා ඇතුළු නිලධාරීන්ට බැනවදිමින් යකා නටා ඇති බවත් වාර්තා විය.

මොහු මේ ආකාරයෙන් හැසිරෙන්නේ කාගේ බලයක් නිසාද යන්න තෙල් සංස්ථාවේ සේවකයින්ටත් ගැටලුවක් වී තිබේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan