ආණ්ඩුව ගන්න අපි ලෑස්තියි. දිනයක් කියන්නම්, එදාට ජනතාව පාරට බහින්න – අනුර (VIDEO)

Date:

කෙටිකලකට හෝ ආණ්ඩු බලය ලබාගෙන රටේ මූලික ප්‍රශ්න කඩිනමින් විසඳීමට තමන් සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“ලෝකෙ නම් මේ වගේ ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටුකරන්න බැරි ආණ්ඩු, පාලකයො ඉල්ලා අස්වෙනවා. ඒ නිසා අපි කියන්නෙ දැන් මේ ගෝඨාභය රාජපක්ෂ අයින් වෙන්න ඕනෙ, රනිල් වික්‍රමසිංහ අයින් වෙන්න ඕනෙ. හරි, කෙටි කාලෙකට වුණත් අපට ආණ්ඩුව ගන්න අපි ලෑස්තියි. අපි කැමති ඇමති මණ්ඩලයක් අපට මේ පාර්ලිමේන්තුවෙන් තෝරා පත්කරගන්න දෙනවා නම් අපි කෙටි කාලයක් ඇතුළත මේ ආර්ථිකයේ මූලික ගැටළුව විසඳලා ආර්ථිකය උඩට ගේන්න අපි සැලසුම් හදනවා. අපි සියලු දෙනාට ආරාධනා කරනවා සියලු පාට පක්ෂ භේද ඔක්කොම අත්හැරලා අපි එක මහජන ව්‍යාපාරයක් හදමු, මේ රට ගොඩනැඟීමේ මහජන ව්‍යාපාරය. මේ දූෂිතයින්ට, විනාශකාරීන්ට එරෙහිව ජනතා අරගලය ජනතා නැගිටීම දියත් කරන්න ඕනෙ මේ පාලකයින් පළවා හරින තෙක්ම. අපි එහෙම නිවට ජාතියක් වෙන්න එපා. ඔබ ජීවත්වන කුඩා ගම්මාන ඇතුළේ ජනතාව පාරට කැඳවන්න ලෑස්ති කරගන්න. අපි දිනයක් කියන්නම්, එදාට මුළු රටම එක තැනකට බැහැලා මේ පාලකයින් පළවාහරින සටන දියත් කරමු”

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ පෙරේදා (28) මාතරදී පැවති ජන රැළියක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුර,රනිල් සහ මෛත්‍රී වෙත ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළව...

සඳ පහන් රැයේ මේ සොඳුරු සිහිනයේ සැතපෙන්න! 

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : සිංහල භාෂාවේ ඇති...

හසීනාගේ පාලනයෙන් පසු බංග්ලාදේශයේ පැවැත්වෙන පළමු ජාතික ඡන්ද විමසීම අද

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ හිටපු අගමැතිනි...

ජවිපෙ ප්‍රධාන ලේකම් සහ කේරළ ප්‍රාන්තයේ මහ ඇමති අතර හමුවක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, කොළඹ LNW : සංස්කෘතික සබඳතා පිළිබඳ...