ආණ්ඩුව ගන්න අපි ලෑස්තියි. දිනයක් කියන්නම්, එදාට ජනතාව පාරට බහින්න – අනුර (VIDEO)

Date:

කෙටිකලකට හෝ ආණ්ඩු බලය ලබාගෙන රටේ මූලික ප්‍රශ්න කඩිනමින් විසඳීමට තමන් සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“ලෝකෙ නම් මේ වගේ ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටුකරන්න බැරි ආණ්ඩු, පාලකයො ඉල්ලා අස්වෙනවා. ඒ නිසා අපි කියන්නෙ දැන් මේ ගෝඨාභය රාජපක්ෂ අයින් වෙන්න ඕනෙ, රනිල් වික්‍රමසිංහ අයින් වෙන්න ඕනෙ. හරි, කෙටි කාලෙකට වුණත් අපට ආණ්ඩුව ගන්න අපි ලෑස්තියි. අපි කැමති ඇමති මණ්ඩලයක් අපට මේ පාර්ලිමේන්තුවෙන් තෝරා පත්කරගන්න දෙනවා නම් අපි කෙටි කාලයක් ඇතුළත මේ ආර්ථිකයේ මූලික ගැටළුව විසඳලා ආර්ථිකය උඩට ගේන්න අපි සැලසුම් හදනවා. අපි සියලු දෙනාට ආරාධනා කරනවා සියලු පාට පක්ෂ භේද ඔක්කොම අත්හැරලා අපි එක මහජන ව්‍යාපාරයක් හදමු, මේ රට ගොඩනැඟීමේ මහජන ව්‍යාපාරය. මේ දූෂිතයින්ට, විනාශකාරීන්ට එරෙහිව ජනතා අරගලය ජනතා නැගිටීම දියත් කරන්න ඕනෙ මේ පාලකයින් පළවා හරින තෙක්ම. අපි එහෙම නිවට ජාතියක් වෙන්න එපා. ඔබ ජීවත්වන කුඩා ගම්මාන ඇතුළේ ජනතාව පාරට කැඳවන්න ලෑස්ති කරගන්න. අපි දිනයක් කියන්නම්, එදාට මුළු රටම එක තැනකට බැහැලා මේ පාලකයින් පළවාහරින සටන දියත් කරමු”

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ පෙරේදා (28) මාතරදී පැවති ජන රැළියක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන විරෝධතා අතරතුර මියගිය සංඛ්‍යාව නිල වශයෙන් තහවුරු කරයි; මරණ සංඛ්‍යාව 3,117 දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 2025 දෙසැම්බර් 28...

සත්‍යයේ මධුවිත ද මායා කුසලානවලින් අපි බිව්වෙ ?

සංතාප ගංතෙරේ‍,ඇතැම් විට සංතෝෂ ගිරි හිසේනිරන්තරයෙන් ඔබමොබ යනෙනඅපේ බර...

පළමු අර්ධයේ කරට කර සිට දෙවන අර්ධයේදී බින්දුවට වැටුණ ශ්‍රී ලංකා කාන්තාවන්ට දරුණ පරාජයක්

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: දකුණු ආසියානු ෆුට්සාල් තරගාවලිය...