මාස 04 කට රටටම ඇතිවෙන්න ගෑස් ගන්න ලෝක බැංකුවෙන් ආධාර

Date:

ලිට්‍රෝ ගෑස් සමාගම LP ගෑස් මෙට්‍රික් ටොන් 100,000 ක් ආනයනය කිරීම සඳහා ගිවිසුමකට එළඹ තිබෙනවා. මෙම ගිවිසුමට අද අත්සන් තැබූ බවයි අග්‍රමාත්‍ය මාධ්‍ය ඒ්කකය පවසන්නේ.

මෙම ගෑස් තොගයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 90 කි. ලෝක බැංකුව ඩොලර් මිලියන 70 ක අරමුදල් සපයා ඇති අතර ඉතිරි ඩොලර් මිලියන 20 Litro සමාගම විසින් ලබා දී ඇත.

මෙම ගෑස් තොගය ඉදිරි මාස 04 ක ගෑස් අවශ්‍යතාවය සපුරාලීම සඳහා ප්‍රමාණවත් වනු ඇත.

ගැස් තොගයෙන් 70% ක් ගෘහස්ග පාරිභෝගිකයන් වෙත ලබාදීමටයි සැළසුම් කර තිබෙන්නේ. කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩර මිලියන 5 ක්, කිලෝග්‍රෑම් 5 සිලින්ඩර මිලියන 1 ක් සහ කිලෝග්‍රෑම් 2.5 සිලින්ඩර මිලියන 1 ක් ලබා ගැනීමට ඇස්තමේන්තු කර ඇත. ඉතිරි 30% වාණිජ්‍ය කටයුතු සඳහා භාවිතා කරනු ඇත.

ඩොලර් මිලියන 20 ක වියදමින් ලිට්‍රෝ සමාගම විසින් ලබා ගන්නා ලද LPG ටොන් 33,000 ක මූලික තොගයක් ජූලි මස මුල් සතිය වනවිට ශ්‍රී ලංකාවට පැමිණෙන අතර ගෑස් තොග පැමිණි වහාම බෙදාහැරීමේ කටයුතු ආරම්භ කරන බවයි ලිට්‍රෝ සමාගමේ බළධාරීන් පවසන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සහිරාවට සහ වෙස්ලියට පෑදුණ කොරියානු පින

නිශ්මං රණසිංහ දෙසැම්බර් 11, කොළඹ LNW: කොරියානු රගර් පරිපාලනය විසින්...

75වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් රයිට් ටු ලයිෆ්වෙතින් සැමරුමක්! (PHOTOS)

2025 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම නිමිත්තෙන් රයිට් ටු...

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසකට යළි වරෙන්තු නිකුත් කරන ලෙස නියෝග!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන්...