මාස 04 කට රටටම ඇතිවෙන්න ගෑස් ගන්න ලෝක බැංකුවෙන් ආධාර

Date:

ලිට්‍රෝ ගෑස් සමාගම LP ගෑස් මෙට්‍රික් ටොන් 100,000 ක් ආනයනය කිරීම සඳහා ගිවිසුමකට එළඹ තිබෙනවා. මෙම ගිවිසුමට අද අත්සන් තැබූ බවයි අග්‍රමාත්‍ය මාධ්‍ය ඒ්කකය පවසන්නේ.

මෙම ගෑස් තොගයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 90 කි. ලෝක බැංකුව ඩොලර් මිලියන 70 ක අරමුදල් සපයා ඇති අතර ඉතිරි ඩොලර් මිලියන 20 Litro සමාගම විසින් ලබා දී ඇත.

මෙම ගෑස් තොගය ඉදිරි මාස 04 ක ගෑස් අවශ්‍යතාවය සපුරාලීම සඳහා ප්‍රමාණවත් වනු ඇත.

ගැස් තොගයෙන් 70% ක් ගෘහස්ග පාරිභෝගිකයන් වෙත ලබාදීමටයි සැළසුම් කර තිබෙන්නේ. කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩර මිලියන 5 ක්, කිලෝග්‍රෑම් 5 සිලින්ඩර මිලියන 1 ක් සහ කිලෝග්‍රෑම් 2.5 සිලින්ඩර මිලියන 1 ක් ලබා ගැනීමට ඇස්තමේන්තු කර ඇත. ඉතිරි 30% වාණිජ්‍ය කටයුතු සඳහා භාවිතා කරනු ඇත.

ඩොලර් මිලියන 20 ක වියදමින් ලිට්‍රෝ සමාගම විසින් ලබා ගන්නා ලද LPG ටොන් 33,000 ක මූලික තොගයක් ජූලි මස මුල් සතිය වනවිට ශ්‍රී ලංකාවට පැමිණෙන අතර ගෑස් තොග පැමිණි වහාම බෙදාහැරීමේ කටයුතු ආරම්භ කරන බවයි ලිට්‍රෝ සමාගමේ බළධාරීන් පවසන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...