අප සිතාගෙන සිටි
කන්දක් උඩ තැනූ නිවස
හදිසියෙන් මතක් විය
අතිනත ගෙන යන
පෙම් යුවලක් දුටු විගස.
කවුළු ඇර තබමු පෙම්වත
මීදුමට රිසි ලෙස සරන්නට
‘ගිනි තපින්නට තැනක් කුමටද
ප්රේමයේ පොරෝනා ඇති විට’
කියූයේ ඔබයි දවසක.
කඩුල්ල වසා දමමු
තනිවෙන්න හැකි එවිටය .
කානේෂන් මල් නෙළාගෙන
සැරහිය හැකිය වරළස
ඔබ ප්රිය කරන විලසට.
නම නොදන්නා කන්දක
අපේ ගෙය තිබිය යුතු ඉසව්වක
තද සුළං හමායයි,ඉර බසියි ,සඳ නැගෙයි
සෘතූන් පුරුදු ලෙස මාරුවෙයි
කඳුළක හැඩයට මල් පිපෙයි.
අතිනත ගෙන යන
පෙම් යුවලක් දකින හැමවිට
අප සිතාගෙන සිටි
කන්දක් උඩ තැනූ නිවස
පෙනී නොපෙනී යයි.
~ වර්ණ රසිකා ගුණවර්ධන


