බේස්බෝල් රාජකීයත්වය කොළඹට නොවේ රණබිමට

Date:

ජූනි මස 22 සිට 27 දක්වා කොළඹ ආනන්ද විද්‍යාලය ක්‍රීඩාංගණයේදී හා දියගම ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව බේස්බෝල් ක්‍රීඩා පිටියේ දී පවත්වනු ලැබූ 2023 ශ්‍රී ලංකා පාසල් බේස්බෝල් සංගමය මගින් සංවිධානය කරන ලද සමස්ත ලංකා වයස අවුරුදු 16න් පහළ අන්තර් පාසල් බේස්බෝල් තරගාවලියේ සූරතාවය රණබිම රාජකීය විද්‍යාලය විසින් දිනා ගනු ලැබීය.ඔවුන් අතින් ඉතා තියුණු මුහුණුවරක් ගත් අවසාන තරගයේදී පරාජයට පත් වූයේ කොළඹ රාජකීය විද්‍යාලය ය. අවසන් මොහොත දක්වා ඉතා තියුණු මුහුණුවරක් ගත් මෙම අවසන් මහා තරඟයේදී රණබිම රාජකීයන් පසුපසින් හබා ගොස් ජයග්‍රහණය වාර්තා කළේ ලකුණු 16 – 15 ක් ලෙසය.

තරගාවලියට සහභාගී වූයේ කණ්ඩායම් 18 ක් පමණයි.නමුත් එයින් බේස්බෝල් මේ වන විට දිවයින පුරා ව්‍යාපත්ව ඇති තත්ත්වය පැහැදිළි කර ගත හැකියි.කොළඹ ආනන්ද විද්‍යාලය, නාලන්ද විද්‍යාලය, ඩී එස් සේනානායක විද්‍යාලය,ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය, මහින්ද විද්‍යාලය, මහනුවර කිංස්වුඩ් විද්‍යාලය, පේරාදෙණිය රණබිම රාජකීය, පොලොන්නරුව මැදිරිගිරිය විද්‍යාලය, කුරුණෑගල මලියදේව විද්‍යාලය ගලේවෙල විද්‍යාලය, වැලිඔය – සම්පත්නුවර ජාතික පාසල, පදවිය අලිවංගුව හා පරාක්‍රමපුර විද්‍යාල ආදී ලංකාවේ විවිධ ප්‍රදේශවල කණ්ඩායම් ඒ අතර දකින්නට ලැබිණි.ඒ සාරය උකහාගෙන ප්‍රාදේශීය වශයෙන් බේස්බෝල් සාර්ථක කරගන්නට වැඩ පිළිවෙලක් වේනම් අධ්‍යාපන අමාත්‍යංශයට,ක්‍රීඩා අමාත්‍යංශයට සහ ජාතික සහ පාසල් බේස්බෝල් සංගම්වලට බේස්බෝල් ව්‍යාප්තියට මෙන්ම එහි සාර්වත් ප්‍රතිපල වෙනුවෙන් ද තිබෙන තත්ත්වයට වඩා සංකීර්ණ මැදිහත්වීමක් කළ හැකියි.

රණබිම රාජකීය විද්‍යාලයේ නායක සුධීර කරුණාසිංහ මෙන්ම සුලෝචන ප්‍රමෝද්‍ය හා මධුමාධව දිසානායක යන ක්‍රීඩකයෝ කොළඹ රාජකීයන් දෙවැනි කළ සටනේ ජයග්‍රහණය සඳහා මඟ සැකසූ රණබිම නියමුවෝ වූහ.එම ජයග්‍රහණය සඳහා රණබිම රාජකීය විද්‍යාලීය කණ්ඩායමට මඟ කියූ පුහුණුකරුවන් වූයේ දිවාක කුලතුංග සහ සංජීව මාන්න උතුම් ය.දෙදෙනාම රණබිම බේස්බෝල් අතීතය වර්ණවත් කළ ක්‍රීඩකයෝ වෙති.ඔවුන්ට සහයක් වෙමින් කණ්ඩායම් භාර ආචාර්යවරුන් ලෙස කටයුතු කළේ පාලිත රන්තිලක සහ C.S. කුරේ ගුරුභවතුන්ය. කොළඹ රාජකීය විද්‍යාලය වෙනුවෙන් ධනිරු ක්‍රිඩකයා දක්ෂ පන්දු යොමු කිරීමක නිරත වූ අතර කණ්ඩායම් පුහුණුකරු වශයෙන් කටයුතු කළේ සිසිර කුඹුකගේ ය.

මෙම තරගාවලියේ තෙවන ස්ථානය වැලිඔය – සම්පත්නුවර ජාතික පාසලටත්,සිව්වන තැන ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයටත් හිමි විය.
මෙම වයස් සීමාවේ ක්‍රීඩකයින් සඳහා එළඹෙන අගෝස්තු 20 දා සිට 28 වන දා දක්වා චීනයේ පැවත්වීමට නියමිත ආසියානු බේස්බෝල් ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීමේදි මෙම තරගාවලිය පාදක කර ගැනීමට පාසල් බේස්බෝල් සංගමය මගින් ඉදිරියේදී සිදුකිරීමට සැලසුම් කර ඇත.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව නිදහස සමරණ දිනය අදයි

සටහන: සශිකලා මධුෂාණිජුලි 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදයේ...

ආහාර පාලන ගැසට්ටු ප්‍රමාදයෙන් මහජන සනීපාරක්ෂාව අනතුරේ – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

▪️රෝහල් ආපනශාලා බෝ නොවන රෝග බෝ කරන මධ්‍යස්ථාන වෙලා.. දිවයින...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW: කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අද...

ට්‍රම්ප්ගේ නව බදු පනතට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය!

කොළඹ LNW:ගෝලීය ප්‍රජාවේ දැඩි අවදානයට ලක් වූ ඇමෙරිකා ජනාධිපති...