කවුද මේ වැනිලා?!

Date:

28 හැවිරිදි චිම්පන්සියෙකු වන වැනිලා කිසිම දිනක කූඩුවකින් හෝ කොටුවකින් පිටත සිට නැති අයෙකි.

මේ දිනවල වයිරල් යන වීඩියෝ ක්ලිප් එකක වැනිලා සතුට ප්‍රකාශ කරමින් තමන් පළමු වරට එළිමහනට පා තැබීම සනිටුහන් කළාය.

ඇයගේ මුවින් නැඟෙන සිනහවට සමාන පද අවශ්‍ය නොවේ. ඒ සතුට ඒ සැනසීම ඒ හිනාවෙන් හරියට පෙනුනා! හරියට වැනිලාට මුලු ලෝකෙම එකවර පෙනුනා වගේ හැඟීමක් වෙන්න ඇති. සතුට වැඩිකමට ඒ අහස දිහා බලාගෙන හිනාවුණු හැටි අනේ හරි ලස්සනයි.

නිව් යෝර්ක් හි ප්‍රයිමේට්ස් හි පර්යේෂණාත්මක වෛද්‍ය විද්‍යාව සහ සැත්කම් සඳහා වූ රසායනාගාරයේ (LEMSIP) දිවි ගලවා ගත් චිම්පියන්ගෙන් කෙනෙක් ලෙස මේ වැනිලා හදුන්වා දෙන්න පුළුවන්.

හැබැයි මේ වගේ පරිසරෙත් එක්කම ජීවත් වෙන සතුන් කූඩු කරලා ඔවුනොවුන්ගේ අවශ්‍යතාවන්ට තබා ගැනීමනම් අනුමත කළ නොහැකි දෙයක්. විවිධ පර්‍යේෂණ වලට මෙන්ම සත්තු පිළිබඳ අධ්‍යනයන්ට මේ වගේ ක්‍රියාවන් සිදුවන නමුත් ඔවුන්ගේ සතුට ගැන අපි හිතනවාද යන්න හොඳ පැනයක්!

කෙසේ වෙතත්, වැනිලාට සහ ඇගේ සොහොයුරිය වන ෂේක්ට ෆ්ලොරිඩාවේ Fort Pierce හි Save the Chimps හි නව නිවහනක් ලබා දී තිබේ.

සටහන – නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...