ප්‍රතිව්‍යුහගතකරණය කැලේ, පොලිස්පති ඇළේ ….

Date:

රටේම මිනිස්සුන්ගේ අවධානය යොමුවෙලා තියෙන්නෙ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන දිහාවට. හැබැයි අපට ආරංචි වෙන හැටියට නම් ආණ්ඩු පක්ෂයේ කට්ටියගේ අවධානය තියෙන්නේ වෙන දෙයක් ගැන ලු.

ඒ, නව පොලිස්පතිවරයා පත්කිරීම ගැන.

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට ලබාදීලා තිබුණු සේවා දිගුව පසුගිය 26 වෙනිදායින් අවසන් වුණා. දැන් දවස් පහක් තිස්සේ රටේ පොලිස්පති තනතුර හිස්. අවම වශයෙන් වැඩබලන පොලිස්පති කෙනෙක්වත් පත්කරලා නෑ.

ඔය පොලිස්පති පත්කිරීමේ ප්‍රශ්නය නිසා ආණ්ඩු පක්ෂය තුළ උණුසුම් තත්වයක් ඇතිවෙලා තියෙන්නේ ඊයේ පෙරේදා පැතිර ගිය කටකතාවක් එක්ක ලු. ඒ කටකතාවෙන් කියවෙලා තියෙන්නෙ හිටපු පොලිස්පතිටම පසුදාතම් කරලා ආයෙත් සේවා දිගුවක් දෙන්න යන කතාවක්.

සී.ඩී. වික්‍රමරත්න පොලිස්පතිවරයා විශ්‍රාම යන්න නියමිතව තිබුණේ මාර්තු 26 වෙනිදා. නමුත් අවසන් මොහොතේ ඔහුට තවත් මාස තුනක සේවා දිගුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබාදුන්නා. ඒ මොහොතේත් ආණ්ඩුවේ සෑහෙන මැති ඇමතිවරුන් පිරිසක් ඒකට තරයේ විරුද්ධ වෙලා තිබුණා. එහෙම තත්වයක් තුළ ජුනි 26 වෙනිදා විශ්‍රාම ගිය පොලිස්පතිට මොන ක්‍රමයකින් හෝ ආපහු සේවා දිගුවක් ලැබුණොත් ඒක ආණ්ඩුව දෙකඩ වෙන තරම් දුරදිග යන ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන් කියලායි ආරංචි.

මේක සම්බන්ධයෙන් ආණ්ඩුවේ දෙපිරිසක් දැනටත් එකිනෙකාට අවිඅමෝරාගෙන ඉන්න තත්වයක් උද්ගත වෙලා තිබුණත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් ඒ කිසිදෙයක් ගණනකට නොගෙන බොහොම කූල් එකේ ඉන්න බවක් තමයි පෙනෙන්නේ. විපක්ෂය ණය ප්‍රතිව්‍යුහගතකරණය පස්සේ දුවනවා, ආණ්ඩුව පොලිස්පති තනතුර පස්සේ දුවනවා, ජනාධිපති පාඩුවේ තමන්ගෙ අනිත් වැඩ ටික කරගෙන ඉන්නවා ….

මේ ගැන කතාවෙද්දී දේශපාලන විචාරකයින් නම් කියන්නේ “රනිල් තමා රනිල් …” කියලා යි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...