බීමත් රියදුරා කෝච්චිය මග නවතා පැන ගිහින් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඊයේ (30) පෙරවරු 10.30 ට කොළඹ සිට මහනුවර බලා ධාවනය වූ දුම්රියේ රියදුරා අධික ලෙස බීමත්ව කළහකාරී ලෙස හැසිරෙමින් දුම්රිය අතරමග නවතා එයින් බැස පළාගොස් ඇති බව වාර්තා වේ.

මහනුවර දුම්රිය ස්ථානයට නුදුරු සුදුහුම්පොල ප්‍රදේශයේදී ඔහු දුම්රිය නවතා එයින් බැස පළාගොස් ඇති අතර දුම්රිය මගීන් එක්ව ඔහුව ලුහුබැඳ අල්ලාගෙන දුම්රිය රියදුරු සහායකවරයා ලවා දුම්රිය මහනුවර දුම්රිය ස්ථානය දක්වා ධාවනය කරවාගෙන ඇති බව සඳහන්.

එහිදී මගීන් විසින් අදාළ රියදුරාව දුම්රිය ආරක්ෂක අංශ වෙත භාරදී තිබේ.

පස්වරු 01.40 ට මහනුවරට පැමිණීමට නියමිතව තිබුණු දුම්රිය මේ සිද්ධිය හේතුවෙන් මහනුවර දුම්රිය ස්ථානයට පැමිණ ඇත්තේ පස්වරු 2.30 ට පමණ බවයි මගීන් සඳහන් කරන්නේ.

අදාළ දුම්රිය රියදුරා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකෙරෙන බව දුම්රිය ආරක්ෂක අංශ පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...