බීමත් රියදුරා කෝච්චිය මග නවතා පැන ගිහින් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඊයේ (30) පෙරවරු 10.30 ට කොළඹ සිට මහනුවර බලා ධාවනය වූ දුම්රියේ රියදුරා අධික ලෙස බීමත්ව කළහකාරී ලෙස හැසිරෙමින් දුම්රිය අතරමග නවතා එයින් බැස පළාගොස් ඇති බව වාර්තා වේ.

මහනුවර දුම්රිය ස්ථානයට නුදුරු සුදුහුම්පොල ප්‍රදේශයේදී ඔහු දුම්රිය නවතා එයින් බැස පළාගොස් ඇති අතර දුම්රිය මගීන් එක්ව ඔහුව ලුහුබැඳ අල්ලාගෙන දුම්රිය රියදුරු සහායකවරයා ලවා දුම්රිය මහනුවර දුම්රිය ස්ථානය දක්වා ධාවනය කරවාගෙන ඇති බව සඳහන්.

එහිදී මගීන් විසින් අදාළ රියදුරාව දුම්රිය ආරක්ෂක අංශ වෙත භාරදී තිබේ.

පස්වරු 01.40 ට මහනුවරට පැමිණීමට නියමිතව තිබුණු දුම්රිය මේ සිද්ධිය හේතුවෙන් මහනුවර දුම්රිය ස්ථානයට පැමිණ ඇත්තේ පස්වරු 2.30 ට පමණ බවයි මගීන් සඳහන් කරන්නේ.

අදාළ දුම්රිය රියදුරා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකෙරෙන බව දුම්රිය ආරක්ෂක අංශ පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...