රටම ඉල්ලුවත් රනිල් තවම කියලා නෑ ඡන්දයට එනවාද නැද්ද කියලා. එතුමා හිතන්නෙම ජනතාවට සහන දෙන්න – ප්‍රසන්න

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ එකඟතාවන්ට එළඹීමෙන් රටේ ප්‍රශ්න අවසන් වී නොමැති බවත් ප්‍රශ්න ආරම්භ වී ඇත්තේ දැන් බවත් දැක්මක්, සැලැස්මක් සහිත අභියෝග භාරගත හැකි නායකයකුට රට බාර නොදුන්නොත් අපේක්ෂිත ඉලක්ක කරා රට ගෙනයාමට කොහෙත්ම නොහැකි වනු ඇති බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

“මම මෙහෙම කතා කරනකොට මේක අහගෙන ඉන්න සමහර අය පුදුම වෙනවා ඇති, එදා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට විරුද්ධව විශාලම හඬක් නඟලා මහින්ද සුළඟත් එක්ක රට පුරා ගිහිල්ලා එදා යහපාලන ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරපු ප්‍රසන්න රණතුංග ඇයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගැන අද කතා කරන්නේ කියලා. අපි දන්නවා අපි කොයි මට්ටමෙන් දේශපාලනය කරත් අපට දේශපාලනය කරන්න රටක් තියෙන්න ඕනි. රටක් නැත්නම් අපි කාටවත් දේශපාලනය කරන්න බෑ.

අද බොහෝදෙනෙක් හිතනවා මේ IMF එකත් එක්ක, එහෙම නැත්නම් පැරිස් සංසදයත් එක්ක ගිහිල්ලා අපි ගත්ත ස්ථාවරයත් එක්ක රටේ ප්‍රශ්න අවසන් වෙලා කියලා. මතක තියාගන්න අම්මේ තාත්තේ, දැන් තමයි ප්‍රශ්න පටන් ගත්තේ. ඒ නිසා තමයි අපි යෝජනා කරන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේක බාරදෙන්න කියලා. මෙතෙක් කල් තිබුණු ප්‍රශ්න අවසන් කළත් මේ රටේ දැක්මක් තියෙන නායකයෙකුට, සැලැස්මක් තියෙන නායකයෙකුට, අත්දැකීම් තියෙන, අභියෝග භාරගන්න නායකයෙකුට මේ රට බාරදුන්නෙ නැත්නම් අපි බලාපොරොත්තු වෙන ඉලක්ක කරා කවදාවත් අපට යන්න බැරිවෙනවා. ඒ නිසා තමයි අපි යෝජනා කරන්නේ, මේ රටේ ජනතාව ඉල්ලන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේක බාරදෙන්න කියලා. නමුත් එතුමා තාම අපට කියලා නෑ එතුමා තරග කරනවාද නැද්ද කියලා. රටේම ජනතාව ඉල්ලුවත් එතුමා තාම කල්පනා කරන්නේ මේ අර්බුදයෙන් රට ගොඩ අරගෙන, අපේ ජනතාවගේ මොනවගේ සහනයක් දෙන්න ඕනෙද කියන එකයි. එතුමා හැමදාම හිතන්නෙ ජනතාවට අපි මොකක්ද කළ යුත්තේ කියලායි. එහෙම නම් අපි සියලු දෙනා එක්ව ජයගන්න නම් මේ එකමුතුව අවශ්‍ය කරනවා”

ප්‍රසන්න රණතුංග මහතා මේ බව පැවසුවේ “එක්ව ජයගමු” මැයෙන් ඊයේ (30) මාතරදී පැවති ජන රැලිය අමතමිනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් කණ්ඩායමක් සහ එක්සත් ජාතික පක්ෂය එක්ව මෙම රැලිය පැවැත්වූ අතර එය සංවිධානය කර තිබුණේ කංචන විජේසේකර ඇමතිවරයා විසිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස් සැරයන්වරයෙකුට වන අලි ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW : වන අලියෙකු පහරදීමෙන්...

ලහිරු සහ තරිඳු ටෙස්ට් වරම් දිනා ගනියි

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: බංගලාදේශයට එරෙහිව පැවත්වෙන ටෙස්ට්...

කසල තේ සමඟ පුද්ගලයෙක් STF දැලේ!

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW : කසල තේ කිලෝ...

කින්නියා නගර සභාව සහ නෙළුව ප්‍රාදේශීය සභාව සජබෙට!

කොළඹ LNW:ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ කින්නියා නගර සභාවේ බලය සමඟි ජන...