*
Wednesday, July 3, 2024
spot_img

Latest Posts

ජනාධිපති සටන ඇරඹිලා තියෙන්නේ. සජිත් බස් බෙදනවා. රනිල් බොරුවෙන් බොරුව කියමින් යනවා – ටිල්වින්

කොළඹ LNW: මේ වන විට ජනාධිපති සටන ආරම්භ වී තිබෙන බව පෙනෙන්නට ඇති අතර සුපුරුදු පරිදි රනිල් වික්‍රමසිංහ රාජ්‍ය බලයටත් යොදාගෙන බොරුවෙන් බොරුව කියමින් රට පුරා යමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

සජිත් ප්‍රේමාදාසත් කාගෙන හරි සල්ලි ටිකක් ඉල්ලගෙන, බස් එකක් ඉල්ලගෙන පාසලකට ගිහින් ඒවා දී ළමයින්ට කතා කරමින් පසුවෙන බවයි ටිල්වින් සිල්වා මහතා සඳහන් කරන්නේ.

කෙසේවෙතත් දැන් ඔවුන් කිසිවෙකුට හෝ තවදුරටත් ජනතාව රැවටිය නොහැකි අතර රට වෙනස් විය යුතු බවට ජනතාවද තීරණය කර තිබෙන බව ඔහු ප්‍රකාශ කරයි.

”ජනාධිපති සටන දැන් පටන් අරන් තියෙන්නේ. එක පැත්තකින් සජිත් ප්‍රේමදාස මහත්තයා එයාගේ ජනාධිපති සටනේ කටයුතු කරගෙන යනවා. කවුරු හරි ව්‍යාපාරිකයෙක් හොයාගෙන බස් එකක් ඉල්ලගෙන පාසලක් තෝරාගෙන පාසලට ගිහින් බස් එක දීලා පන්ති කාමරයකට ගිහින් පොත් ටිකක් දීලා ළමයි එකතු කරලා ළමයින්ට කතා කරල එනවා. අනික් පැත්තෙන් රනිල් වික්‍රමසිංහ රාජ්‍ය බලය පාවිච්චි කරලා දිස්ත්‍රික්ක ගානේ යනවා. දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්කරනවා. මන්ත්‍රීවරුන්ව අල්ලස් දීලා ගන්න ප්‍රතිපාදන වෙන්කරනවා. බඩු බෙදනවා. ඉඩම් ඔප්පු බෙදනවා. ඒ නිසා අපිට පේනවා ජනාධිපතිවරණය එනවා. ඒගොල්ලෝ එයාලගේ වැඩ කරමින් යනවා. අපිත් වැඩ කරමින් යනවා. රනිල් වික්‍රමසිංහ මේ දවස්වල වගේම හැම තිස්සෙම අනාගතය ගැන කියන්නේ. හැමදාම ගොඩනගන අනාගතයක් ගැන කියනවා. හැබැයි කවදාවත් ඒක වෙලා නැහැ. එක කාලයක් තිබ්බා තරුණ තරුණියන්ට බ්‍රේස්ලට් දෙන්න. හැබැයි වුණේ අන්තිමට ගෙදර කාන්තාවන්ගේ කන කර බදු බැංකුවට උගස් කරපු එක. ප්‍රතිඵලය රත්තරං බදු බැංකුවට සින්න වීම. ඊළඟ කතා කළා රට පුර වයිෆයි කලාප දාලා නොමිලේ ඩේටා දෙන්න. අන්තිමට රුපියල් 100 ඩේටා කාඩ් එකක් දාගන්න බැරිව අපි දුක්විදිනව. 2002 වෙද්දී ලංකාව ණය වලින් තොර රටක් බවට පත්කරනවා කිව්වා. දැන් කියනවා ණය ගෙවන්න පටන් ගන්නවලු තව අවුරුදු හතරකින්. මට මතකයි ඉස්සර ගුවන් විදුලියේ වැඩසටහනක් ගියා ගීතයෙන් ගීතය කියල. දැන් රනිල් වික්‍රමසිංහත් කියන්නේ ඒක තමයි ගීතයෙන් ගීතය නෙවෙයි බොරුවෙන් බොරුව. එක බොරුවක් කියනවා ඒක අමතක වෙද්දී තව බොරුවක් කියනවා. බොරුවෙන්මයි යන්නේ. හැබැයි බොරුවෙන් බොරුව දිනපු කාලයක් තිබ්බා. ජනතාව ඒගොල්ලන්ව තේරුම් ගත්තේ නැති කාලේ. ඒගොල්ලෝ යමක් කරයි කියල විශ්වාස කරපු කාලේ. දැන් ඒක වෙනස් වෙලා තියෙන්නේ. තවදුරටත් අපේ ජනතාව එවැනි බොරුවලින් රවටන්න බැහැ කියල ඔප්පු වෙලා තියෙන්නේ. දැන් රට වෙනස් කරන්න ඕනේ කියල ජනතාව දන්නවා. ජනතාව වෙනස් වෙලා තියෙනවා. දැන් ඉන්නේ රනිල් වික්‍රමසිංහටලට බොරු කියල රවටන්න පුළුවන් ජනතාවක් නෙවෙයි.” යනුවෙන් ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan