අනතුරු නිසා දිවි අහිමිවීම් වැඩිවෙලා! ගෙවුණු දවසේ 5 ක් මිය යයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ (LNW):

දිවයින පුරා ඊයේ (30)දින සිදුවූ රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් 5 දෙනෙකුට දිවි අහිමි වී ඇත.

කුරුණෑගල – දඹුල්ල මාර්ගයේ මුත්තෙට්ටුගල මහින්ද විද්‍යාලය අසල දී කුරුණෑගල දෙස සිට දඹුල්ල දෙසට ධාවනය වූ ලොරි රථයක මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකු ගැටී අනතුරක් සිදුව ඇති අතර බරපතළ තුවාල ලැබූ පුද්ගලයා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.මියගොස් ඇත්තේ, අවුරුදු 66ක් වූ මිලේනියම් සිටි, කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර කෑගල්ල පොලිස් වසමේ කොළඹ – මහනුවර මාර්ගයේ කුරුළුකැලේ හංදියේ දී මහනුවර සිට ගලිගමුව දෙසට ධාවනය කළ යතුරුපැදියක් බස් රථයකට ඉස්සර කිරීමට යෑමේ දී සිදුවු අනතුරකින් පුද්ගලයෙක් මියගොස් ඇති අතර එලෙස මියගොස් ඇත්තේ 37 හැවිරිදි මකුද්දල, හැලමඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මේ අතර ඔක්කම්පිටිය පොලිස් වසමේ බෝගස් හංදිය මාර්ගයේ ඇළ හන්දියේ දී ඔක්කම්පිටිය දෙස සිට බෝගස් හංදිය දෙසට ධාවනය කළ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටී අනතුරක් සිදුව ඇත.

එම අනතුරින් යතුරුපැදිකරු හා පසුපැදිකරු රෝහල්ගත කිරීමෙන් අනතුරුව අවුරුදු 26 ක් වූ තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මේ අතර උඩපුස්සැල්ලාව නිල්දණ්ඩාහින්න මාර්ගයේ රොක්ලන්ඩ් වත්ත ප්‍රදේශයේ දී ලංගම බස්රථයක් ඉදිරියෙන් පැමිණි යතුරුපැදියක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව ඇති අතර අනතුරින් 42 හැවිරිදි යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබේ. කරුවලගස්වැව පොලිස් වසමේ පුත්තලම – ත්‍රිකුණාමලය මාර්ගයේ සායි ලංකා වත්ත ප්‍රදේශයේ දී පුත්තලමේ සිට අනුරාධපුරය දෙසට ධාවනය කළ වෑන් රථයක් ඉදිරියෙන් පැමිණි ත්‍රීරෝද රථයක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබු ත්‍රීරෝද රථ රියදුරු වූ 54 හැවිරිදි පුද්ගලයෙක් රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පශ්චාත් ආපදා කළමනාකරණය:ශ්‍රී ලංකාවේ ණය ගෙවීම් ගැන ලෝක ආර්ථික විශේෂඥයින්ගෙන් ඉල්ලීමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විශේෂඥ ජෝසප් ස්ටිග්ලිට්ස් ඇතුළු...

මැණික් සමඟ කොටු වූ ගුවන් මඟී දෙදෙනා!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : මැණික් තොගයක්...

දිට්වා නිසා වැටුණු ව්‍යාපර ගොඩගන්න බැංකුවෙන් දෙන සහන මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: දිට්වා ආපදා හේතුවෙන් හානි වූ අවහිරතා...

වෙඩි තැබීමක්: එක් අයෙක් ජීවිතක්ෂයට !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : අම්බලන්ගොඩ නගරයේ සිදුවූ...