*
Wednesday, July 3, 2024
spot_img

Latest Posts

ඉදිරි ජන්දයක ජනතා තීන්දුව කුමක් වුණත් එතෙක් ආණ්ඩුව වැටෙන්න දෙන්නේ නෑ – නාමල්

කොළඹ LNW:ඉදිරියේ දී කුමන හෝ මැතිවරණයක් පවත්වා ජනතා තීන්දුව ප්‍රකාශයට පත්කරන තෙක් වත්මන් ආණ්ඩුවට වැටෙන්න ඉඩනොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

එය ජනාධිපතිවරණය හෝ පාර්ලිමේන්තු මැතිවරණය හෝ ගනු ලබන දේශපාලන තීන්දුවක් මත තීරණය කළහැකි බව පෙන්වාදෙන ඒ මහතා ඉදිරියේ තම පක්ෂය විසින් ගොඩනඟන ආණ්ඩුවක් තුළ මේ රටේ ග්‍රාමීය ආර්ථිකය තුළ ගොවියා, ධීවරයා, කම්කරුවා ආරක්ෂා කරන බවද රාජ්‍ය සේවකයාට නිසි ගෞරවය ලබාදෙන බවද පවසයි.

රටේ රාජ්‍ය සම්පත් ආරක්ෂා කරන ගමන් විදේශ ආයෝජන හරහා ඒවා දියුණු කළයුතු බව පවසන මන්ත්‍රීවරයා තවදුරටත් සඳහන් කරන්නේ ඒ තුළ නව ආයෝජකයන් ආකර්ෂණය කොට රැකියා උත්පාදනය කළහැකි වැඩපිළිවෙලක් සිය පක්ෂය සතු වෙන බවයි.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු හැමදාම මේ රටේ ජනතාව සහ රට ගැන සිතා තීන්දු තීරණ ගන්න පක්ෂයක් බව ඔහු කියාසිටියි.

”2019 වසරේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා භාරගත්තේ මහින්ද රාජපක්ෂ මහතා භාරදුන් රට නොවෙයි. වැටිච්ච රටක් භාරගන්න වුණේ. ඒ භාරගත් රටට අපි නොසිතූ විදියට කොවිඩ් 19 වසංගතය ආවා. ඒ අභියෝගයටත් අපි මුහුණ දුන්නා. ජීවිත බේරා ගත්තා. යහපාලන ආණ්ඩුවෙන් සාම්පූර් බලාගාරයත් උමා ඔයත් වෙලාවට අවසන්කර තිබුණා නම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට විදුලිබල ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදුවන්නේ නැහැ. විදුලි උත්පාදනයක් කළේ නැහැ. නමුත් අවසානයේ ඒක කඩන් වැටුණේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇඟ උඩට. හැබැයි අරගල කළා. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය නොවුණත් ජනතාවට පහර දීලා, මිනී මරලා බලය අල්ලාගෙන සිටින දේශපාලන බලවේගයක් නොවෙයි. වර්තමානයේ එවැනි ප්‍රතිපත්තියක් අපි දකින්නේ නැහැ. නමුත් දේශපාලනික වශයෙන් කෙතරම් වෙනස් ප්‍රතිපත්ති තිබුණ ද රාජ්‍ය ආරක්ෂා කිරීම සඳහා තීන්දුව ගත්තා. ඒ වගේම තමයි අපි ඒ ආණ්ඩුව වැටෙන්න දුන්නේ නැහැ. මැතිවරණයක් පවත්වා තීන්දුවක් ගන්නතෙක් වැටෙන්න දෙන්නේ නැහැ.

ඒක ජනාධිපතිවරණය හෝ පාර්ලිමේන්තු මැතිවරණය හෝ ගනු ලබන දේශපාලන තීන්දුවක් මත තීරණය කරන්න පුළුවන්. ඉදිරියේ අපි හදන ආණ්ඩුවක් තුළ මෙ රටේ ග්‍රාමීය ආර්ථිකය තුළ ගොවියා, ධීවරයා, කම්කරුවා ආරක්ෂා කරන්න ඕන. රාජ්‍ය සේවකයාට නිසි ගෞරවය දියයුතු වෙනවා. ගෞරවාන්විත සේවාවක් බවට පත්කළ යුතු වෙනවා. ඒකට තාක්ෂණය බද්ධ කොට රාජ්‍ය සේවකයා වගේම ජනතාවට සේවාවන් ලබාගැනීමට පහසු කළයුතු වෙනවා. ඒ තුළ පමණයි මේ රටේ රාජ්‍ය යාන්ත්‍රණය සක්‍රිය කළ හැක්කේ. රාජ්‍ය යාන්ත්‍රණය සක්‍රිය කළහැකි එකම ක්‍රමය තමයි රාජ්‍ය යාන්ත්‍රණය සමඟ තාක්ෂණය බද්ධ කිරීම. ඒ තුළ පමණයි අපි අපේක්ෂා කරන සංවර්ධනයක් ළඟාකර ගත හැක්කේ. අපේ වැඩිහිටියන් අපේක්ෂා කරන්නේ තමන්ගේ දරුවන්ට හොඳ ජීවිතයක්. ඔවුන්ගේ අධ්‍යාපනයට, පුහුණුවට, හැකියාවට සරිලන රැකියාවක්. තරුණයන් අපේක්ෂා කරන්නේ තමන්ගේ දහදිය, මහන්සියට සරිලන ආදායමක්. ඒ දහදිය මහන්සියට සරිලන ආදායමක් උත්පාදනය කරන ආර්ථිකයක් රටේ හැදෙනවා. එය හදන්න අවශ්‍ය වැඩපිළිවෙල අපි ළඟ තිබෙනවා.

අපිට හොරා කිවුවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට පැමිණ කිවුවා රාජපක්ෂවරු අයුතු ලෙස මුදල් උපයා ගත් කිසිඳු ගිණුමක් ලෝකයේ කිසිඳු රටක තිබෙනවා කියා සනාථ කරගන්න කිසිඳු සාක්ෂියක් හෝ පරීක්ෂණවලින් ඔප්පු වී නැහැ කියලා. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වුණා. අපිට විවිධ මඩ ගැසුවා. අපේ ආන්ඩුව වට්ටන්න එක් සටන් පාඨයක් වුණේ රතු පස්වල සිද්ධිය. ඒකට සම්බන්ධ රණවිරුවන් හිරේ දැම්මා. ඒ අය අධිකරණය ඉදිරියේ නිදොස් කොට නිදහස් වුණා.

එදා උත්සාහ කළේ කුමක් ද ? මේ තුළ අර්බුදයක් නිර්මාණය කරන්නයි. රතුපස්වල සිද්ධිය කේන්ද්‍ර කරගෙන ඇතැම් දේශපාලන පක්ෂ සිද්ධියක් නිර්මාණය කොට ඒ පක්ෂයේ සාමාජිකයන් ඒවාට ඉදිරිපත් වෙලා සිදුවීමක් ගොඩනඟලා, එම පක්ෂයේ නීතීඥවරු ඒ සම්බන්ධයෙන් උසාවියට ගොස් මේක දේශපාලනීකරණය කළා. ඒ තුළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ඡන්ද අඩුවෙන්න ඇති. නමුත් ඒ අසාධාරණය වුණේ මේ රටේ ජනතාවට. හැමදෙයක්ම දේශපාලනික වශයෙන් තමන්ට වාසි අත්කර ගන්න සමහර දේශපාලන පක්ෂ මේ රටේ රාජ්‍ය යාන්ත්‍රණය වගේම තරුණ පරම්පරාව මෙහෙයවන්න උත්සාහ කරනවා. අපි අරගලයෙන් දැක්කේ ඒ දෙයයි. ගෙවල් ගිනි තිබ්බා. මන්ත්‍රීවරුන් දේශපාලනික වශයෙන් යළි ඉදිරියට නොයයි කියා ඔවුන් සිදුවා. නමුත් අපේ මන්ත්‍රීවරු දේශපාලනික වශයෙන් තවත් ශක්තිමත් වෙලා ඒකරාශි වුණා. මේක තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ තිබෙන ශක්තිය. ඇතැම් විට බොහෝ අය තවමත් දෙගිඩියාවෙන් ඉන්නවා ඇති. අපි වැරැදි හදාගෙන නව ගමනක් යමු. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කිරීමට කටයුතු කරමු.” යනුවෙන් රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළකළේ පසුගියදා අගලවත්තේ දී පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් “අගලවත්ත” ආසන සමුළුව අමතමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan