තවදුරටත් ජන ජීවිතය බිලිගන්නා දෙන්නේ නැහැ. තීරණාත්මක වෙනසකට සූදානම් වෙන්න – දිලිත් ජයවීර

Date:

කොළඹ LNW: දීර්ඝ කාලයක් මේ ආත්මාර්ථකාමී දේශපාලනඥයින් විසින් තමන්ගේ සුඛ විහරණය සඳහා ජන ජීවිතය බිලිගත් වැඩ පිළිවෙල අපි තීරණාත්මකව අවසන් කරන බව සර්ව ජන බලවේගයේ විධායක සභික මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා අවධාරණය කරයි.

ව්‍යවසායක රාජ්‍යය සංකල්පය තුළ ශ්‍රී ලාංකික සභ්‍යත්වය මත පදනම්ව මේ රටේ සියළු ජනතාවත් අභිප්‍රේරණය කරමින් ජන මනස ධනාත්මක කරමින් රටේ ධනය නිර්මාණය කිරීමේ සර්වජන බලය උපාය මාර්ගික සැලැස්මේ පළමු කෙටුම්පත දින පහළවක් තුල මේ රටේ අස්සක් මුල්ලක් නෑර ග්‍රාමසේවා වසම් දාහතර දහස් පුරාම ගලා යන වැඩ පිළිවෙලක් සහිතව ජනතා සංවාදයට ඉදිරිපත් කරන බවයි ජයවීර මහතා සඳහන් කරන්නේ.
කරනවා.

අපේ ජීවිත කාලයේදී අපි සියලු දෙනාටම සතුටු වීමට හැකි ඉතාමත්ම තීරණාත්මක වෙනසක් මේ රටේ ඇති කරන බව හෙතෙම තවදුරටත් සඳහන් කරයි.

”අපි වැඩක් පටන් ගත්තොත් ඒක අතාරින්නෙ නෑ. කොහොමවත් අතාරින්නෙ නෑ ඒක ගාල්ලේ ඔබ පෞද්ගලිකව දන්නවා. ඒක නිසා අපිට මොන දෙස් දෙවොල් තිබ්බත් අපිට මොන මඩ ගැහුවත් අපිට මොන කයි කතන්දර කිව්වත් අපි ඒක නවත්තන්නේ නැහැ. විශාල ආත්ම ධෛර්යයක් ශක්තියක් විශ්වාසයක් තියෙන පුද්ගලයෝ ඒවගේම මේ රටගැන ලොකු කැක්කුමක් තියෙන පුද්ගලයෝ වගේම නිර්මල මිනිස්සු අපි එක්ක එකතු වෙලා තියනවා. එනිසා අපිට වරදින්න විදියක් නෑ , එනිසා අපි ප්‍රතිඥා දෙනවා ඔබගේ ඒ බලාපොරොත්තු වූ වෙනස සතුටු දැයක් නිර්මාණය කර ගැනීම සඳහා අපි අපට කළ හැකි උපරිම දේ කරලා ඔබගේ ජීවිතයේ වෙනසක් ඇති කරන බවට. එමගින් අපිට පුළුවන් වෙයි, අපේ අනාගත පරම්පරාවට මේ දරු දැරියන්ට ඒවගේම තාරුණ්‍යට අද මේ ඇතිවෙලා තියෙන තත්ත්වයෙන් එළියට ඇවිල්ලා ඔහුට බලාපොරොත්තු ඇති කරගන්නට මේ රටේ අපේම විභවයන් තුළින් කොහොමද අපි ගොඩ යන්නේ කියලා.මතක තබා ගන්න එක එක තැන්වල අපි ,මුක්කු ගහන්න යනවා කියලා කතා කියන සියලු දෙනාටම කියන්නේ අපි අපි ආවේ මුක්කු ගහන්න නෙමෙයි. මගේ පියා වාමාංශික දේශපාලන අදහස් දැරූ පුද්ගලයෙක් හැටියට ජුලි වැඩ වර්ජකයෙක් හැටියට ඔහු ගෙදර පාරේ ගල්තලමින් විරෝධතා දැක්වූ හැටි මට මතකයි. ඒ ගල්තලපු හැටි දැකපු අය මෙතන ඉන්නවා. තාත්තා එදා විශ්වාස කරපු නිර්මල වම ඒ අවංකකමේ වම, මගේ
තාත්තට ගෞරවයක් හැටියට අදටත් නොවෙනස්ව ඒ විශ්වාසය දිගටම මම ගෙනවිත් තිබෙනවා. අපි මැරුණත්, අපි මැරුවත් රට එකට තියලා මේ කරනවැඩේ අපි පවා දෙන්නේ නැති බවට, ඔබ ඉදිරියේ මේ මගේ ඓතිහාසික ගාලු ජනතාව ඉදිරියේ ප්‍රතිඥා දීමට මම මැලි වෙන්නේ නැහැ.”
යනුවෙන් දිලිත් ජයවීර මහතා වැඩිදුරටත් කියා සිටියි.

ඔහු මෙම අදහස් දක්වා සිටියේ පසුගියදා ගාල්ලේදී පැවති සර්ව ජන බලය රැළිය අමතමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...