ලොකුගේ නික්ම යයි

Date:

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW:

ශ්‍රී ලංකාවේ සිටිය ක්‍රීඩා අමාත්‍යවරයෙක් වන ගාමිණි ලොකුගේ අවුරුදු 82 ක් ආයු වළදා ජීවිතයෙන් නික්ම ගොස් ඇත.ඔහුගේ චරිතය ආන්දෝලනාත්මකය.දේශපාලන වශයෙන් ගත් විට ඔහුට එල්ල වන චෝදනා රාශියක් ඇසේ.ඒවා එච්චර හොඳ ඒවා නොවේය.


ඔහු ක්‍රීඩා අමාත්‍ය ධූරයේ සිටින විට නිතර මාධ්‍යයට ඇහුංකං දුන් ඇමතිවරයෙකු බව කිව යුතුය.විවේචනය කරන මාධ්‍යවේදියාගෙන් එසේ කරන්න හේතුව ඇසූ අමාත්‍යවරයෙකු විය.එසේ කතා කර ඇතැම් දේ ඒ වන විටත් වෙනස් වී නොතිබුණේනම් එවා නිවැරදිව සකස් කළ අයෙකු විය.ඊට බලපෑ ප්‍රධාන හේතුවක් වූයේ ඔහුගේ මාධ්‍ය ලේකම්ව සිටි කපිල බමුණුආරච්චි ය.

ටී අනූෂා යනු වව්නියාවෙන් පැමිණ යගුලිය සහ කවපෙත්ත ජාතික තලයෙන් දස්කම් දැක් වූ ක්‍රීඩිකාවක්ය.ඇය කවපෙත්ත ඉසව්වෙන් මේ රටට බොහෝ කීර්තියක් අත් කර දිය හැකි මට්ටමේ සිටියාය.එහෙත් ඇයගේ දෙමළකමට එල්ල වූ පීඩාවන් නිසාම ඇය රට හැර ගියාය.එක් අවස්ථාවක ඇයට ක්‍රීඩා අමාත්‍යංශයේ ව්‍යායාම්ගාරයේ දොර වැසිණ.යුද්ධය තදින් තිබෙන ඒ කාලයේ මහින්ද රාජපක්ෂ එය භාවිතයට ගන්නා බැවින් අනූෂා ඊට නොපැමිණිය යුතු බව නියෝගය වි තිබිණ.මේ නිලධාරීන් ගන්නා තීරණය.එහෙත් ආණ්ඩුව විසින් ගත් තීරණයක්ද යන්න දැන ගැනීමට මම ලොකුගේ අමාත්‍යවරයාව ඇමතුවෙමි.අනූෂා ලංකාවට නොව ක්‍රීඩාවටද අහිමි විය.ඇය රට හැර ගියාය.ඒත් මේ සිඳුවීමට ඇයගේ පුහුණුකරුවන් වන ජෙගන් සහ ජයකොඩි සාක්ෂිය.

කතා කළාට ස්තූතිය පුද කළ ඔහු පසුදා උදෑසන සිට ක්‍රීඩිකාවට අවස්ථාව ලබා දී තිබුණේ එය ජනාධිපතිවරුන් වෙනුවෙන් නොව ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් තැනූ එකක් බවත්,තමන්ගේ රෙදි ගැලවීමෙන් වළකින ලෙසත් නිලධාරීන්ට පවසමින්ය.
තවත් අවස්ථාවක සාපේක්ෂව මලල ක්‍රීඩකයින් විශාල ගණනකට ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලැබී තිබිණ.එය හොඳ අත්දැකීමක් විය.ඒ පිරිස සියල්ලම නොයැවිය යුතු බවට එවකට පැවති අමාත්‍යංශය තීරණය කර තිබුණේ තීරණ ගැනීමට තිබුණු මිනි කැබිනෙට්ටුවේදී ය.

එම තීරණය වැරදි බවත් මෙය තේරීම් කමිටුවක් විසින් එවන ලද නම් නොවන බවත්,ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනය ලෝකයටම පොදුවේ ඉදරිපත් කරන ලද නිර්නායකයන් මත මේ අවස්ථාව හිමි වී ඇති බවත් අමාත්‍යවරයාට පැහැදිළි කළේය.එවකට සිටි ලේකම්වරයාද කැටුව මාවත් කාර්යාලයට කැඳවා සාකච්ඡාව ඇරඹිණි.මා කළ පැහැදිළි කිරීම එම තේරිම සිඳුවී ඇත්තේ ජාත්‍යන්තරය ප්‍රකාශයට පත් කළ පරිසාධනයක් මත බවය.ඊට අදාළ ලියවිල්ලද මා ඉදිරිපත් කළේය.ලේකම්වරයා එම ලියවිල්ලට අනුව එම ක්‍රීඩකයින් සුදුසුකම් ලබා ඇති බව පිළිගත්තේය.ඔහු අත ද එම ලියවිල්ල ඇති බව ද කීවේය.ලේකම්වරයාට ලුණු ඇඹුල් සහිත වචන සංග්‍රහයකින් පසුව එම සියලු ක්‍රීඩකයින්ට අවස්ථාව උදා විය.

ජාතික වාර්තා තැබූ මලල ක්‍රීඩකයින්ට මුදල් ප්‍රදානයක් සිඳුවන චක්‍රලේඛයක් ක්‍රීඩා අමාත්‍යංශයේ ඇත.එය ඇණ හිට තිබිණ.ඇත්තම තත්ත්වය ඒ ගැන අමාත්‍යවරයාටව දැණුවත් කර නොතිබිණ.එහෙත් මා ඒ ගැන ලියූ තැන අමාත්‍යවරයාම කතා කළේය.වැඩේ සිද්ධවිණි.ඊට පසුව සිඳු වූ බවක් මතකත් නැත.එම ප්‍රදානයන්ට ප්‍රියංගිකා මධුවන්ති,සඳමාලි සහ ඉන්දික විජේකෝන් ඇතුළු පිරිසක් සුදුස්සන් වූ බව මතකය.

මෙවැනි සිඳුවීම් ගණනාවක් ඔහු සම්බන්ධයෙන් මතකයේ ඇත.ඔහු නිතර කියූ දෙයක් තිබිණ.

‘මම දේශපාලනය දන්නවා,හැබැයි ක්‍රීඩාව දන්නෙ නැහැ.දේශපාලනයෙන් ක්‍රීඩාවට මොනව හරි නරකක් වෙනවනම් මට කියන්න.‘

සමහර විට ක්‍රීඩාවෙන් ඔහුගේ දේශපාලනයට හානි වන දේ ක්‍රීඩාවට හානියක් වුවත් නොකරන්නට ඇති බව සිතුණු තැන් ද නැතුවා නොවේය.එහෙත් ඔහු ක්‍රීඩාව නොදන්නා බව දැන සිට,ක්‍රිඩාව වෙනුවෙන් ඇහුංකං දුන් බව කිව යුතුය.ඔහු ක්‍රීඩාවට හානියක් නොකළ කෙනෙකි.අඩුම තරමේ හිත හදන්නට හෝ උත්සාහ ගත්තේය.වරෙක නිලූක කරුණාරත්න මෙන්ම ඔහුගේ සොහොයුරන් දෙදෙනාද 2008 දී ඔලිම්පික් සඳහා සහභාගි කිරවීමට අවස්ථාව තිබිණ.එය එහෙත් මඟ හැර තිබිණ.
නිවැරදි කරන්නට හැකි කාලය පසු වී තිබිණ.වරද යම් ප්‍රමාණයකට හෝ නිවැරදි කරන්නට අමත්‍යංශය පැත්තෙන් කරන්නට හැකි දේ කර එහිදී හෝ උත්සාහ කරන ලෙස දන්වා ඔවුන් එම සංචාරයට එක් කරන්නට අවසර දුන්නේය.එහෙත් එහිදි කුමන හෝ හේතුවක් නිසා ඔවුන් සියල්ලම හෝ එක් අයෙකු හො දෙදෙනෙකු හෝ සංචාරයට එක් නොවිණ.

මිනිස්සු කළු ද නැත.සුදු ද නැත.හැම දේශපාලනයේම ඇත්ත එබඳුය.ඒත් අපි දේශපාලනය තෝරා ගන්නේම අපේ තෝරාගැනීම් සහ අපි සපුරා සුදුම සුදු බව සිතාය.එසේ නොසිතෙන නිසා මේ සටහන්කරුට ලොකුගේ සුදුමු සුදු නැතත් කළුම කළු ද නැත.ඔහු අළු පැහැති තැනෙක හෝ තබා ගරු කළ යුතු දේ ට ගරු කළ යුතුය.

ඔහුට ආචාරය!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...