ලෝක ආර්ථික සමුළුවේදී මම කරපු කතාව විකෘති කරලා – ඇමති හඳුන්

සටහන – රුවන් නෙළුගොල්ල

ලෝක ආර්ථික සමුළුවේදී තමන් කළ කතාව විකෘති කරමින් සමාජ මාධ්‍යවල පළකර ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

“මම දැක්කා සමාජ මාධ්‍යවලත් දැන් ඔය මම ලෝක ආර්ථික සමුළුවට ගිහිල්ලා කරපු කතාව විකෘති සහ ඒගොල්ලොන්ට ගැලපෙන විදිහට ඉදිරිපත් කරනවා. මම එතෙන්දී කිව්වෙත් ඒකයි. අපේ රටේ බුද්ධිමය ජනතාව, තරුණ තරුණියෝ පිටරටවලට යනවා. අපි අපේ නිදහස් අධ්‍යාපනයෙන් උගන්වන අය පිටරටවලට යන එක අපට අපරාධයක්. ඒක අපේ විතරක් නෙවෙයි මේ ආසියානු කලාපයේම අර්බුදයක්. අපේ රටවල්වලට යුරෝපයේ තියෙන මත්ද්‍රව්‍ය එනවා. බ්‍රසීලයේ තියෙන මත්ද්‍රව්‍ය එනවා. සංචාරක කර්මාන්තයට අපි කැමතියි, මත්ද්‍රව්‍යවලට කැමති නෑ. අපි ඒක බේරාගන්න ඕනෙ”

සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව පැවසුවේ ඊයේ (30) පැවති විශේෂ පාර්ලිමේන්තු රැස්වීමේදී ය.

ලෝක ආර්ථික සමුළුවේදී හඳුන්නෙත්ති මහතා කළ කතාවෙන් කොටසක් පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දශක කිහිපයකට පසු ඉහළම ඡන්දදායක සහභාගීත්වයක් සහිතව ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඊශ්‍රායලයේ පැවැත්වෙන...

මදුශංක පාකිස්තානය කඩා විසුරවයි: කමිඳු තම කාර්යය සම්පූර්ණ කරයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : ලාහෝර්හි පැවති එක්දින...

කථානායක ජගත්ට එරෙහිව භාරදීමට නියමිත සංශෝධිත විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට දින නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය...