විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

Date:

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව ජනාධිපතිවරයා විසින් පත්කරන අලද කමිටු වාර්තාවට අනුව ඉදිරියේදී තීරණ ගනු ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (01) කොළඹදී පැවසුවේය.

එම වාර්තාව සම්බන්ධයෙන් ඊයේ දින සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී කරුණු දක්වමින් වාර්තාව සභාගත කරන ලදී.

බහාලුම් නිදහස් කිරීමේදී රේගු නිලධාරීන් අතින් යම් වැරැද්දක් සිදුව ඇති බවට කරුණු දක්වා ඇති අතරම ඒ සම්බන්ධයෙන් විපක්ෂය විසින් මැවූ බිල්ලන් ගැනද හෙළිදරව් වී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

”මේ කන්ටේනර් සිද්ධියේදී ඒගොල්ලෝ ඉස්සෙල්ලම කිව්වා ඒවා බස්නාහිර ආණ්ඩුකාරතුමාගේ කන්ටේනර් කියල. ඊයේ වචනයක් ඒ ගැන කියන්නේ නෑ. පාර්ලිමේන්තුවේදීවත් කියන්නේ නෑ. කියන්න කොන්දක් නෑ ඒවා බොරු නිසා. ඊට පස්සේ මාස පහක් විතර ගිහින් මාව පැටලුවා ඒකට. මම තමයි නියෝගය දුන්නේ කියල. ඊයේ ඒ මොකුත් නෑ. ඒ නිසා ඉතාම දුෂ්ට දේශපාලනයක් කරන්නේ. අපි මේ සතපහක් හොරකම් කරන්නේ නැතුව මේ රටේ අලුත් ආණ්ඩුවක් හදල තියෙනවා. මේ රටේ පල් හොරකම් කරපු සජබෙයි පොහොට්ටුවේ ලොක්කන්ට මේ කිසිදෙයක් ඉවසන්න බැහැ. ඒගොල්ලෝ උත්සහ කරනවා හැමදේම දේශපාලන වශයෙන් මඩගහන්න යොදාගන්න. ජනාධිපතිතුමා තමයි කමිටුව පත්කළේ. නැතුව සජබ නෙවෙයි. සජබ දාපු කමිටුව තමයි මහබැංකු හොරකම වහන්නේ. මේවා එහෙම නෙවෙයි. ජනාධිපතිතුමා දාපු කමිටුවෙන්ම තමයි රේගුවේ නිලධාරීන්ගේ පැත්තෙන් නිශ්කාෂන ක්‍රියාවලියේ වැරද්දක් වෙලා තියෙනවා කියල කමිටුවෙන් තමයි කියන්නේ. නැතුව සජිත් ප්‍රේමදාස දාපු කමිටුවකින් නෙවෙයි. නාමල් දාපු කමිටුවකින් නෙවෙයි. මුජිබර් රහුමාන් දාපු කමිටුවකින් නෙවෙයි. ඒ නිසා ජනාධිපතිතුමා කමිටු වාර්තාව අනුව ඉස්සරහට කටයුතු කරයි. ඒ නිසා අපි ජනතාවට කියන්නේ මේ අන්ත බංකොලොත් වෙච්ච රට කාපු ටීම් එක බිල්ලෝ මවන්න හදනවා ඒගොල්ලෝ වගේ හොරු තමයි අපිත් කියල කියන්න. අපිට කියන්න තියෙන්නේ ඉතාම සොරි ජනාධිපතිතුමාගේ කමිටුවෙන් හෙළිදරව් වුණේ කරුණු දෙකයි. එකක රේගුවෙන් වෙච්ච මොනවහරි වැරැද්ද ගැන. ඊට වඩා මේ ඉතාම වැරදි සහගත ලෙස මේවා දේශපාලන බිල්ලෝ බවට පත්කරන්න රහුමාන්ලා, රාජපක්ෂලා, සජිත්ලා කටයුතු කළා කියන තමයි හෙළිදරව් වුණේ. ඒ නිසා ජනාධිපතිතුමා ඒකට තීන්දු ගනියි” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...