*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

ඉන්ධන අලෙවිය නැවැත්වූ එකම රට ශ්‍රී ලංකාව – BBC වාර්තා කරයි

ඩොලර් අර්බුදය, ආර්ථික අර්බුදය, ආහාර අර්බුදය මැද ශ්‍රී ලංකාව ලෝක වාර්තාවක් තබා ඇති බව බ්‍රිතාන්‍ය බීබීසී පුවත් සේවය වාර්තා කරනවා. ඒ, සාමාන්‍ය ජනතාවට ඉන්ධන අලෙවි කිරීම අත්හිටුවීමෙනි.

මෑත කාලසීමාව තුළ සිය ජනතාවට ඉන්ධන අලෙවි කිරිම අතිහිටවූ ලොව එකම රට ශ්‍රී ලංකාව බවයි බීබීසීය වාර්තා කරන්නේ.

මේ වනවිට ශ්‍රී ලංකා රජය සතු ඉන්ධන ප්‍රමාණය ඩීසල් ටොන් 9000 කට හා පෙට්‍රල් ටොන් 6000 කට සීමා වී ඇති අතර එම ප්‍රමාණය යාන්තමින් සතියක් ඉන්ධන ඉල්ලුම සපුරාලීම සඳහා පමණක් ප්‍රමාණවත් වේ.

මේ වනවිට ඉන්ධන නිකුත් කිරීම සෞඛ්‍ය, ප්‍රවාහන ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සීමා කර ඇති අතර එම සේවාවල නිරත වන ජනතාව පවසන්නේ එයද ප්‍රමාණවත් ලෙස ක්‍රියාත්මක නොවන බවයි. ජුලි 10 වැනිදායින් පසුව ඉන්ධන තොග ශ්‍රී ලංකාවට ලැබෙන බවට ආණ්ඩුවේ ඇමතිවරුන් ප්‍රකාශ කළද නිශ්චිත දින වකවානු මෙතෙක් සඳහන් කර නොමැත.

මෙම තත්වය තුළ තවත් සතියක් තුළ ඉන්ධන තොග නොලැබුණහොත් අත්‍යවශ්‍ය සේවා හෝ පවත්වාගෙන යා නොහැකිව සමස්ත රටම අකර්මන්‍ය වනු ඇත.

කොවිඩ් වසංගත තත්වය, බලශක්ති මිල ඉහළ යාම වැනි පාලනය කළ නොහැකි හේතු සහ වත්මන් ආණ්ඩුව බලයට පත් වූ සැනින් සිදුකළ බදු කප්පාදුව මෙම අර්බුදයට මූලික හේතු වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් රුපියල් බිලියන 03 ක ණයක් ලබා ගැනීම සඳහා මේ වනවිට සාකච්ඡා පවත්වමින් සිටින අතර පසුගියදා මුල්‍ය අරමුදලේ ඉහළ නියෝජිතයන් පිරිසක් මෙරට සංචාරයක නිරත විය. කෙසේ නමුත් අදාල ණය මුදල කඩිනමින් ලබා ගැනීමට නොහැකි වනු ඇති බවයි වාර්තා වන්නේ. විපක්ෂය පවසන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එකඟ වුවද අවම වශයෙන් ණය ලබා ගැනීම සඳහා තවත් මාස 06 ක කාලයක් ගතවනු ඇති බවයි.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan