*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

ඔරිගන්වලට පෙර යුපුන්ට ස්විඩන් හමුවේදී සිව්වන තැන

මෙවර ඔරිගන් හී පැවත්වෙන ලෝක මලල ක්‍රීඩා සුරතාවලියක මීටර් 100 ඉසව්ව සඳහා සුදුසුකම් ලද පළමු දකුණු ආසියාතිකයා ලෙස සුදුසුකම් ලබා තිබෙන, ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් ඩයමන්ඩ් ලීග් තරග සටහන යටතේ ඊයේ ස්වීඩනයේ ස්ටොක්හෝම් හී පැවති තරගයේදී සිව්වැනි තැන දිනා ගත්තා.ඒ තත්පර 10.21 ක තරග නිම කිරීමේ කාලයක් වාර්තා කරමින්.
තරගාවලියේ ජයග්‍රහණය හිමි වුණේ දකුණු අප්‍රිකාවේ අකානි සිම්බිනීට යි.මේ තරගය සඳහා සහභාගි වූ තරගකරුවන් අතර සිටි හොඳම පෞද්ගලික කාලය (තත්පර 9.84) වාර්තා කර තිබූ අකානි මේ තරගවාරයේ ඔහුගේ හොඳම දක්ෂතාවය වන තත්පර 10.02 වාර්තා කරමින් මේ තරගය ජය ගත්තා.තරගකරුවන්ට එරෙහිව බල පෑ -0.5 සුළඟේ වේගය සමඟ තරඟ වැදි තරඟකරුවන්ට සිය වේගය සඳහා සුළඟේ ආධාරය් නොලැබුණු අතර යුපුන්ට මෙම තරගයේදී ත් ඔහුගේ ආරම්භක ප්‍රතික්‍රියා වේගය සහ තරඟයේ මුල් කොටසේ ධාවනය සිව්වැනි තැනින් ඉදිරියට ඒමට නොහැකි තත්ත්වයක් නිර්මාණය කළා.
තරගයට සහභාගි වූ ක්‍රීඩකයින් අතර සමස්ත තරගයේ හත්වන තැන ලැබූ සහ තරග නිමි කිරීමේ කාලය තත්පර 10.38 ක් වාර්තා කළ ඕස්ට්‍රේලියාවේ බ්‍රවුනින් රොහාන් දුර්වලම ප්‍රතික්‍රියා කාලය වාර්තා කර තිබුණා.ඒ තත්පර 0.288 ක්.ඊට පසුව දුර්වලම ආරම්භක වේගය වාර්තා කර තිබුණේ යුපුන් අබේකෝන.ඒ තත්පර 0.279 ක්.අන් සියළු දෙනාගේ ප්‍රතික්‍රියා වේගයන් 0.200 ට අඩුවෙන් රැඳුණ අතර නමුත් හොදම කාලය වන තත්පර 0.143 පෙන්නා තිබෙන ස්වීඩනයේ ලාර්සන් හෙන්රික්ට තරග අවසානයේ හිමි වුණේ අටවන ස්ථානය වීම ද අමතක කරන්නට නොහැකියි.
නමුත් තරගය පැවති ආකාරය පිළිබඳ තව දුරටත් සළකා බලද්දී තරගයේ පළමු මීටර් 20 ගෙවෙන තැන ඒ සඳහා වැඩිම කාලය වාර්තා කර තිබෙන්නේ හත්වන තැන ලැබූ ඕස්ට්‍රේලියාවේ බ්‍රවුනින් සහ ශ්‍රී ලංකාවේ යුපුන් බව පැහැදිළියි.දෙදෙනාම ඒ මොහොතේ තරගයේ හත්වන තැන සම කාලයක් වාර්තා කරමින් රැඳී සිටින බව දැකිය හැකියි.එහෙත් යුපුන් ගේ ලෝක මට්ටමේ ඕනෑම කෙනෙකුට අභියෝග කළ හැකි ජවය යොදා ගනිමින් ඔහු ඉතිරි මීටර් 100 නිම වෙද්දී සිව්වන තැනට පැමිණෙන අතර එයින් ගම්‍ය වන්නේ හොඳ ආරම්භය සමඟ මුල් මීටර් 20 තුළ ධාවනය තව දුරටත් වේගවත් වුවහොත් යුපුන්ට වඩාත් පහසුවෙන් ලෝකයට අභියෝග කළ හැකි බවයි.
තරගයේ සවිස්තරාත්මක තරග ප්‍රතිපලයේ ක්‍රීඩකයන්ගේ ප්‍රතික්‍රියා වේගය ද සමඟ ප්‍රතිපල සඳහන් වන අතර තරඟය පැවති ආකාරයේදී ඒ ඒ ක්‍රීඩකයන් තරඟවැදී වේගය පිළිබඳ විස්තර කෙරෙන දත්ත සටහනක් දපැහැදිළි කර ගැනීම වෙනුවෙන් මෙයට ඇතුළත් කර තිබෙනවා.

RM

තරගයේ වේගය පිළිබඳ දත්ත සටහන

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan