සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW):මේ මොහොතේ පැවැත්වීමට අවශ්‍ය වන්නේ පුළුල් සාකච්ඡාවක් මිස විවාදයක් නොවන බවත් , රට ගැන හිතන සැබෑ විපක්ෂයක් තිබේ නම් දේශීය ණය ප්‍රශස්තීකරණය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් හෝ ඡන්ද විමසීමක් අවශ්‍ය නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි ..
මෙරට බැංකු පද්ධතියට හෝ EPF, ETF අරමුදල්වලට මෙමගින් අහිතකර බලපෑම් ඇති නොවන බවට සහතික කර තිබිය දී පවා විපක්ෂයේ ඇතැමුන් විවිධ ගැටලු මතු කරමින් සිටින බවත් , මෙම යෝජනාව අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කිරීමේ හැකියාව ආණ්ඩුවට ඇති බව තහවුරු කළ අමාත්‍යවරයා සඳහන් කළේ පාට කණ්ණාඩිවලින් බලන යුගය අවසන් කරමින් යතාර්ථය දකින ලෙසයි .
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??