දසුන් ශානකගේ පිත්තත් පන්දුවත් කැන්ඩි සූරතාවයේ ගෞරවය රැක දෙන්න මුල් වෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 02, (LNW) කොළඹ :

මෙවර එල්පීඑල් තරගාවලිය අරඹමින් මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවති ඉකුත් එල්පීඑල් සූරතාවය දිනූ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සිය ජයග්‍රාහී ගෞරවය ආරක්සා කර ගනිමින් දඹුල්ල සික්සර්ස් කණ්ඩායම කඩුලු හයකින් පරාජය කරන්නට සමත් වුණා.


සමරාම්භක උත්සවය හමාර වී,විශාල ජන ඟඟකගේ සහභාගීත්වය සහිතව ආරම්භ වූ එල්පීඑල් තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය කැන්ඩි කණ්ඩායමේ නායක වනිඳු හසරංග දිනා ගන්නට සමත් වුණා.ඔහුගේ තීරණය වුණේ පළමුව පන්දු රැකිමයි.එම තීරණය නිවැරදි කරන්නට මහනුවර පන්දු යවන්නන් පෙරමුණ ගත් අතර පස්වන ඕවරයේ පළමු පන්දුව නිමා වන විට දඹුල්ල කණ්ඩායමට ලකුණු 26 ට කඩුලු 4 ක් අහිමිව තිබුණා.


මේ අහිමි වූ කඩුලු අතර ලෝක කුසලාන තේරීම් සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයක් ඇති කළ කුසල් ජනිත් පෙරේරාගේ කඩුල්ල ද තිබුණු අතර ඔහු ආරම්භක පිතිකරුවා ලෙස පැමිණ පන්දු 4 ට මුහුණ දී ලකුණු නොලබා දැවී ගියා.නමුත් කඩුලු 4 ක් අහිමි වීමෙන් අනතුරුව පන්දු යවන්නන්ගේ වික්‍රමයන් හමාර කළ ඔස්ට්‍රේලියාවේ මාක් චැප්මන් මෙන්ම මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් සපැමිණි 21 හැවිරිදි චමිඳු වික්‍රමසිංහ පන්දු යවන්නන්ගේ පාලනය පැහැර ගැනීමට සමත් වුණා.යළිත් දඹුල්ලට කඩුල්ලක් අහිමි වන්නට ඉඩක් නොතැබූ දෙදෙනා ඉණිම නිමා වන තෙක්ම කඩුල්ලේ රැදෙමින් පසුවන කඩුල්ලට නොබිඳි ලකුණු 154 ක සබඳතාවයක් පවත්වනු ලැබුවා.


චැප්මන් පන්දු 61 දී නොදැවී ලකුණු 91 රැස් කළ අතර චමිඳු පන්දු 42 දී නොදැවී ලකුණු 62 ක් රැස් කරන්නට සමත් වුණා. මහනුවර කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පන්දු යවන්නාගේ වගකීම භාර ගනිමින් ලකුණු 20 ට කඩුලු 3 ක් දවා ගත් දසුන් ශානක හොඳම ප්‍රතිපල නෙලා ගත් පන්දු යවන්නා වුණා.
පිළිතුරු ඉණිමේ දී කැන්ඩි කණ්ඩායමට ලකුණු 26 ට කඩුලු දෙකක් අහිමි වුව ද,දිනේෂ් චන්දිමාල් ආරම්භක පිතිකරුවා ලෙස සිය වගකීම ඉටු කරමින් පන්දු 40 දී ලකුණු 65 ක් ලබා ගන්නට සමත් වුණා.ඔහු කමිදු මෙණ්ඩිස් සමඟ තෙවන කඩුල්ලට ලකුණු 56 සබඳතාවයක් පවත්වමින් තරගය කැණ්ඩි කණ්ඩායම දෙසට හරවන්නට වෙහෙසුණා.චන්දිමාල් ඇති කළ සාර්ථකත්වය වඩාත් ප්‍රවේගකාරී සාර්ථකත්වයතට රැඟෙක ගියේ පන්දුවෙන් ද විශිෂ්ඨ දස්කම් දැක් වූ දසුන් ශානකයි.ඔහු පන්දු 15 දී නොදැවී ලකුණු 46 ක් රැස් කරේ හයේ පහර 5 ක් සහ හතරේ පහර 3 ක් ද සමඟයි.ඔහුට කදිම සහයක් දුන් ඇන්ජලෝ මැතිවිස් පන්දු 20 දී නොදැවී ලකුණු 37 ක් ලබා ගත්තා.මැතිවිස් සහ ශානක පස්වන කඩුල්ලට එකතු කළ නොබිඳි ලකුණු 72 ක දබඳතාවය සමඟ කැන්ඩි කණ්ඩායමට කඩුලු 4 ට ලකුණු 183 ක් දක්වා යන්නට ගත වුණේ පන්දු ඕවර් 17.2 පමණයි.


තරගයේ වීරයා සම්මානය පන්දුවෙන් සහ පිත්තෙන් කැපී පෙණුන දසුන් ශානක සතු වූ අතර ලකුණු විස්තරයට පහතින් පිවිසිය හැකියි.
https://es.pn/3VLDPzG

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Trendy Thursday: සෙලීනාගේ Rare Beauty පවුලෙහි අලුත් සාමාජිකයා! Rare Eau de Parfum

සෑම බ්‍රහස්පතින්දා දිනකම “Trendy Thursday” තුළින් ඔබට Fashion trends,...

නුවරඑළිය ඩිපෝවට අයත් ලංගම බස් රථයක එංජිමට යූරියා පොහොර දැම්මේ කවුද?

රෂිකා හෙන්නායක අගෝස්තු 14, කොළඹ LNW: පසුගිය 12 වනදා රාත්‍රියේ...

උත්තේජන භාවිතයම අවශ්‍යය නැහැ – පරීක්ෂණ මඟ හැරියත් දඬුවම් කළ හැකියි

නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW: පසුගිය දිනෙක තහනම් උත්තේජන පරීක්ෂණයක්...