මේ පාර නම් පිල්ලෙයාන් හරි කරුණා අම්මාන් හරි දාගෙන NPP ගමන වළක්වන්න රනිල්ට බැහැ – නලින්ද ජයතිස්ස

Date:

කොළඹ LNW:පිල්ලෙයාන් හෝ කරුණා අම්මාන් හෝ යොදාගෙන ජාතික ජන බලවේගයේ ගමන වැළැක්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහට නොහැකි බව රනිල් වික්‍රමසිංහත් තේරුම් ගත යුතු බව ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේය.

අනිවාර්යයෙන් ඉදිරි මස තුනකට පසු ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරයෙක් පත්වන අතර අනතුරුව පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙන නා සම්බන්ධයෙන් පරීක්ෂණ කර නීතිය ක්‍රියාත්මක කරන බවයි ජයතිස්ස මහතා සඳහන් කළේ.

එවැනි තත්ත්වයන්ට බය වී සිටින ඇතැමුන් කටමැත දෙඩවිය හැකි නමුත් ජෝසප් පරරාජසිංහම් ඝාතනය වැනි මහාධිකරණ තීන්දුව පැමිණීමට නියමිතව තිබියදී නීතිපති හරහා ඉවත්කරගත් නඩු නැවත පවරා නීතිය නිසිලෙස ක්‍රියාත්මක කිරීමටද කටයුතු කරන බවයි ඔහු පැවසුවේ.

මේ අතර ජනාධිපතිවරණයට මැතිවරණ කොමිසම සූදානම් වෙමින් සිටින බව පෙනෙන්නට ඇති බවත් කවුරු අකමැති වුණත් ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය පැවැත්විය යුතු වන බවද නලින්ද ජයතිස මහතා සඳහන් කළේය.

ජූලි 17 වැනිදායින් පසු මැතිවරණය කැඳවීමට අදාළව මැතිවරණ කොමිසමට බලය පැවරෙන අතර සැප්තැම්බර් 17 සහ ඔක්තෝම්බර් 17 යන කාලය තුළ මැතිවරණය පැවැත්විය යුතු වන බවයි හෙතෙම කියා සිටියේ.

නලින්ද ජයත්ස්ස මහතා මාධ්‍ය වෙත මෙම අදහස් දක්වා සිටියේ අද (02) පෙරවරුවේ රජය බලය යොදාගෙන රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම ගැන මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් භාරදීමට පැමිණි අවස්ථාවේදීය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...

දේශපාලනය පුස්තකාලයක් නම් ගාමිණී ලොකුගේ කාවෙකි !

කලකට පෙර මිය ගිය මිනිසෙකුගේ කායික මරණය ගැන පුවත...

අගෝස්තු අග වෙද්දී ආර්ථිකය ඉතාම අමාරු තැනකට යනවා. 2026 මුල විශාල ආර්ථික අර්බුදයක් එනවා – රාජිත

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් ආණ්ඩුවට ආර්ථිකය සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙලක්...

සජබ මතුගම බලය ඇල්ලුවේ ත්‍රස්තවාදයෙන්. ඉදිරියේදී ඒ අයට පසුතැවෙන්න වෙයි – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල මතුගම ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන...