කෙහෙළිය මුදාහරිනවාද? නැද්ද? පෙත්සම ගැන තීන්දුව අගෝස්තු 01ට කල් යයි!

Date:

කොළඹ LNW:ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණ විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇප මත මුදා හරින්නනේ ද? නැද්ද ? යන නියෝගය අගෝස්තු මස 01 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද (02) නියෝග කළේය.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත්කරන ලදී.

ඒ අනුව නඩුවට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඒවා ජූලි මස 15 වනදාට පෙර ගොණු කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල විසින් පාර්ශවකරුවන්ට දැනුම් දුන් අතර මෙම පෙත්සම සලකා බැලීම සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ චන්දක ජයසුන්දර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට පාදක වන ප්‍රශ්නගත ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියේ ආරම්භයේ සිට අවසානය දක්වා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සම්බන්ධයක් තිබෙන බව පෙන්වා දී තිබේ.

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අනුදැනුමකින් තොරව මෙවැනි ඖෂධ මිලදී ගැනීමක් සිදුකිරීමට හැකියාවක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබෙන අතර කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ මෙම සිද්ධියේදී තම සේවාදායකයා නිර්දෝෂී පුද්ගලයෙකු බවයි.

මෙම ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියට තම සේවාදායකයා සම්බන්ධ වූයේ සිය අමාත්‍යංශයේ නිලධාරීන්ගෙන් ලැබුණු උපදෙස් මත බවත් ඊට ඔහුගේ පෞද්ගලික මැදිහත්වීමක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දී තිබුණි.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි අධිකරණය සිය තීන්දුව ප්‍රකාශ කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලානය පෙනි පෙනී අතපත්තු අත්පත් කර ගත් ජය

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: කැරිබියන් කාන්තා ප්‍රිමියර් ලීග් සූරතාවලියේ ජයග්‍රහණය...

බස්නාගොඩ ජලාශය සහ පානීය ජල ව්‍යාපෘතිය අද ජනතා අයිතියට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW : අද(18) දින ගම්පහ දිස්ත්‍රික්කයේ...

ශ්‍රී ලංකාව අවසන් හතරට ස්ථීරයි – ගැටළුව ඇත්තේ ප්‍රතිවාදියාගෙයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: මේ වන විට පැවත්වෙන ආසියානු කුසලාන...

බෝතලයකින් පහරදී පුද්ගලයෙකු දියේ ගිල්වා ඝාතනය කිරීමක් ගැන පොලිස් විමර්ශන!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW : පුද්ගලයෙකු දියේ ගිල්වා ඝාතනය...