සටහන – රුවන් නෙළුගොල්ල
මතුගම ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගය අත්පත් කරගත්තේ ත්‍රස්තවාදයෙන් බවත් එය ඔවුන්ගේ තාවකාලික ජයග්‍රහණයක් පමණක් බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
“මන්ත්‍රී කණ්ඩායම එකතැනක රඳවාගෙන, නිවාස අඩස්සියක වගේ තබාගෙන, එහෙම කරලා තමයි මතුගම ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවන්න ඒගොල්ලො කටයුතු කළේ. ඉතින් මේක තාවකාලික ජයග්‍රහණයක් විතරයි. ඒ ත්‍රස්තවාදය. මේ මතුගම නගරය මේකෙන් මුදවාගන්නට ඕනෙ. මන්ත්‍රීවරු රඳවාගෙන දේශපාලන මතය බලහත්කාරයෙන් ගත්ත එක සම්බන්ධයෙන් ඉදිරියේදී ඒ අයට පසුතැවෙන්න වෙයි”
නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (01) කළුතරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
