ඊශ්‍රායලයේ නව අන්තර්වාර අගමැති යෙර් ලැපිඩ් දිව්රුම් දෙද්දී අන්ධකාරයෙන් පැරණි අවතාරයක් මතුවෙයි!

Date:

ඊශ්‍රායලයේ අන්තර්වාර ආණ්ඩුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස යෙර් ලැපිඩ් පත්ව තිබේ. ඔහු අග්‍රාමාත්‍ය තනතුරට පත්වන්නේ ඔහුගේ පූර්වගාමියා වන නෆ්තායි බෙනෙට් එම ධුරය හෙබවීමෙන් වසරකට අනතුරුවයි.ඊශ්‍රායල මධ්‍යවාදී පක්ෂයේ නායක යෙර් ලැපිඩ් නව අන්තර්වාර අග්‍රාමාත්‍යවරයා ලෙස වැඩ භාරගන්නා අතරම, එළඹෙන නොවැම්බර් 01 වන දින පැවැත්වීමට නියමිත මැතිවරණයට ද සූදානම් වෙයි. මෙම මැතිවරණය ඊශ්‍රායලයේ වසර හතරකට අවම කාලයක් තුළ පැවැත්වෙන පස්වන මැතිවරණය වීම විශේෂත්වයකි.

ඉකුත් සතියේ ඊශ්‍රායලයේ නෆ්තායි බෙනෙට් ප්‍රමුඛ අන්තර්වාර රජය බිඳවැටුණු අතර, රට තුළ පවතින දේශපාලන අස්ථාවරභාවය සමථයකට පත්කරීමේ අභියෝගය ද ජයගනිමින් එළඹෙන මැතිවරණයට මුහුණ දීමට යෙර් ලැපිඩ් ට සිදුව තිබේ.

එහෙත් ලැපිඩ් ට මුහුණ දීමට සිදුවන තවත් ප්‍රධානතම අභියෝගයක් වන්නේ ඊශ්‍රායලයේ හිටපු අග්‍රාමාත්‍ය බෙන්ජමින් නේතන්යාහුයි. ඒ, ඔහු ද එළඹෙන මැතිවරණයට තරඟ වැදීමට සූදානමින් පසුවන නිසාවෙනි.

ඊශ්‍රායලයේ පාලනාධිකාරිය සම්පූර්ණයෙන්ම පාහේ අස්ථාවරභාවයකට පත්වූයේ නේතන්යාහු ගේ පාලනය යටතේ වන අතර, ඔහුගේ පාලනය යටතේ ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින ගැටුම්කාරී තත්ත්වයට ද කිසිඳු විසඳුමක් ලැබුණේ නැත. බහුතර බලය දිනා ගැනීමට අසමත් වූ නේතන්යාහු ධුරයෙන් ඉවත් වූ පසු බෙනෙට් එම ධුරය භාර ගන්නා ලදී.

ලැපිඩ් නව අන්තර්වාර් අග්‍රාමාත්‍යවරයා ලෙස ධුරයේ වැඩ භාර ගැනීමත් සමඟ ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින ගැටුම නිරාකරණය කර ගැනීමට කැපවන බව ප්‍රකාශ කර ඇත. කෙසේවෙතත්, ඊශ්‍රායලය තුළම මතුව ඇති දේශපාලන අස්ථාවරභාවය හමුවේ ඔහු මෙම අභියෝගය ජය ගනු ඇති ද යන්න ප්‍රශ්ණ සහගත ය.

58 හැවිරිදි ලැපිඩ් දේශපාලඥන ක්ෂේත්‍රයට පිවිසීමට පෙර ප්‍රවෘත්ති නිවේදකයකු ලෙස කටයුතු කර ඇත.

මේ අතර, එළඹෙන නොවැම්බර් මැතිවරණයට තරඟ වැදීමට අපේක්ෂාවෙන් සිටින හිටපු අග්‍රාමාත්‍ය නේතන්යාහු තමා නැවත බලයට පත්වන බවට සපථ කරමින් සිටී.

ඡායාරූප: රොයිටර්

OUTBOUNDTODAY ISURU PARAKRAMA

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...

අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලිසීය වෙඩි!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW අද (3) දහවල්...