ගොවියෝ හිතන්න එපා තමන් තමයි රජවරු කියලා. ඒක ඉස්සර ගහපු පචයක් – ඇමති ලාල්ගෙන් තද පණිවිඩයක්

ගොවීන් තමන් රජවරුන් යැයි නොසිතිය යුතු බවත් මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් සුදුසු යැයි කී කතාව අතීතයේ පැවසුණු බොරුවක් බවත් කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශූ සම්පත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

“ගොවි ජනතාවට දෙන්න ඕනෙ ටිකක් තදට පණිවිඩයක්. ඔබ වෙනුවෙන් මේ රටේ මිනිස්සු සුවිශාල මුදලක් යොදවනවා. වාරිමාර්ගයට, කෘෂිකර්ම ක්ෂේත්‍රයේ පාරවල්වලට බෝක්කුවලට පාලම්වලට, පොහොර සහනාධාරයට, හැමදේටම මේ රටේ පොදු ජනතාව විශාල කැපකිරීමක් කරනවා. පොදු ජනතාවගේ දායකවීමෙන් තමයි ඔය ගොවි ජනතාවට ලබාදෙන සියල්ල ලබාදෙන්නෙ. ඒ නිසා ගොවියො හිතන්න හොඳ නෑ තනියම තමන් තමයි රජවරු කියලා. ඒවා ඉස්සර ගහලා තියෙන පච. ඒ නිසා පාරිභෝගිකයො පැත්තෙනුත් ගොවියෝ බලන්න ඕනෙ නිතරම. වී මිල විතරක් කල්පනා කරලා හරියන්නෙ නෑ, හාල් මිල ගැනත් කල්පනා කරන්න ඕනෙ. සමහරු යෝජනා කරනවානෙ වී වලට රුපියල් 150ක් දෙන්න ඕනෙ කියලා. ඒ දෙන්න ඕනෙ කට්ටිය හැබැයි ගන්නෙ 90 – 95 ට. එහෙම රජයට යෝජනා කරන අය, ඒගොල්ලන්ගෙ භාවිතාවෙදී ඒක නෑ”

ලාල්කාන්ත අමාත්‍යවරයා මේ බව පැවසුවේ රටකජු ගොවි සංවිධාන වෙත ට්‍රැක්ටර් බෙදාදීම සඳහා පසුගියදා (30) ගොවිජන මන්දිරයේදී පැවති උත්සවයක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ පොලිස්පතිටත් හිරේ යන්න වෙයිද ? – අධිකරණයට අපහාස කළැයි නඩු පැවරීමට ගම්පහ මහේස්ත්‍රාත් නියම කරයි !

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීම...

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...