දැනට නිකුත්වූ අනාවැකි සහ නිරීක්ෂණ අනුව ජුලි අගෝස්තුවල වැස්ස තරමක අඩුවීම නියඟයක් දක්වා වර්ධනය වීමේ අවම හැකියාවක් පවතින්න ප්රධාන හේතුවක් තමයි 2026 ජුනි අග වෙනකම්ම සැලකියයුතු මට්ටමේ වර්ෂාපතනයක් ලංකාවට ලැබී තිබීම. ඒ නිසා බියෙන් තොරව ජලය කළමනාකරණය කරගැනීම මගින් ජුලි අගෝස්තු විශාල ගැටලුවකින් තොරව පසුකළ හැකිවේවි.
ප්රස්ථාරය: සතිපතා සාමාන්ය වර්ෂාපතනය(නිල් වර්ණය) 2026 වසරේ නිරීක්ෂිත සතිපතා වර්ෂාපතනය(තැඹිලි)

~ කාලගුණය සහ දේශගුණය Facebook පිටුවෙනි


