ජූනියේ සංචාරක පැමිණීමේ අඩුවක්!

කොළඹ LNW:ජූනි මාසය තුළ විදේශීය සංචාරකයන් 138,241 දිවයිනට පැමිණ තිබෙන අතර එය පසුගිය වසරේ ජූනි මාසයේ පැමිණි සංචාරකයන් සංඛ්‍යාව හා සසදා බැලීමේ දී 10% කින් පහත වැටීමක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ජූනි මාසයේ දී ද වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. සංඛ්‍යාත්මකව එය 43,423 ක් ලෙස දැක්වෙයි.

මේ අතර, පසුගිය ජූනි මාසයේ එක්සත් රාජධානියෙන් සංචාරකයින් 10,474ක්, ඔස්ට්‍රේලියාවෙන් 8,710ක්, චීනයෙන් 8,224ක් සහ එක්සත් ජනපදයෙන් සංචාරකයින් 3,806ක් මෙරටට පැමිණ තිබේ.

මැයි මාසය තුළ සංචාරකයින් 145,745ක් මෙරටට පැමිණ ඇති අතර, මේ වසරේ ගෙවුණු මාස කිහිපය තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ගණන 1,146,573කි.

මෙම පිරිස අතර, ඉන්දියානු සංචාරකයින් 293,683ක්, එක්සත් රාජධානියෙන් 108,567ක්, රුසියාවෙන් 77,349ක් සහ චීනයෙන් 76,171ක් සිටින බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුත්තලම මුහුදු තීරයේදී බීඩි කොළ සමඟ බෝට්ටු 04ක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : උඩප්පුවට ඔබ්බෙන් වූ...

සුරේෂ් සලේගේ රිට් පෙත්සම සහ අභියාචනාධිකරණ තීන්දුව

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : රාජ්‍ය බුද්ධි සේවයේ...

ශ්‍රීලන්කන් ගුවන් සේවය හැකර් ප්‍රහාර වාර්තා ප්‍රතික්ෂේප කරයි…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ශ්‍රීලන්කන් ගුවන් සේවය...