කොළඹ LNW:හිටපු රාජ්ය බුද්ධි සේවයේ ප්රධානී සුරේෂ් සලේගේ ජංගම දුරකථනයේ සහ ලැප්ටොප් පරිඝණකයේ මුර පද ලබා දෙන ලෙස ප්රකාශ කළ නලින්ද ජයතිස්ස අමාත්යවරයාට සහ සිරිල් ගාමිණී පියතුමා ඇතුළු සියල්ලන්ට එරෙහිව අනාගතයේ බිහිවන රජයක් යටතේ දඩුවම් පමුණුවන බව හිටපු ඇමතිවරයෙක් වූ උදය ගම්මන්පිල පවසයි.
ඔහු පවසන්නේ, විමර්ශනයට සහාය දෙන ලෙස සැකකරුවකුට බල කිරීමට කිසිවකුට නොහැකි බවයි.
එය අයුතු බලපෑමක් බවත් එය දඩුවම් ලැබිය හැකි වරදක් බවත් ඔහු තවදුරටත් සඳහන් කරයි.
කෙසේවෙතත් සිය ජංගම දුරකථනයේ සහ ලැප්ටොප් පරිඝණකයේ මුර පද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් සුරේෂ් සලේට නියෝග කර තිබේ.
පාස්කු ඉරු දින ත්රස්ත ප්රහාර මාලාවට අදාළ විමර්ශනයන්හි ප්රතිඵලයක් ලෙස සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ විමර්ශන සිදුකරමින් පසුවෙයි.


