*
Tuesday, April 30, 2024
spot_img

Latest Posts

අවුරුද්දකින් සුදුසුකම් හදාගෙන රැකියාවක් සොයාගන්නා මග ධම්මික පෙන්වා දෙයි (VIDEO)

කැන්ඩි සිටි සෙන්ටර් හිදී ජුනි 26 වනදා සිට අද (02) දක්වා පැවැත්වෙන “මහනුවර පොත දැක්ම” ප්‍රදර්ශනයේ ඩී.පී. එඩියුකේෂන් වැඩසටහනේ කුටියක් ද ස්ථාපනය කර තිබේ.

ඩී.පී. එඩියුකේෂන් හරහා රටේ පාසල් දුවාදරුවන්ට සහ තරුණ පරපුරට නොමිලේ ලබාදී ඇති අධ්‍යාපන අවස්ථා සම්බන්ධයෙන් දැනුවත් කිරීම එහිදී සිදුකෙරේ.

මෙම ප්‍රදර්ශන කුටිය නැරඹීමට ඩී.පී. එඩියුකේෂන් සභාපති සහ නිර්මාතෘ ධම්මික පෙරේරා මහතා ද පසුගියදා සහභාගී වූ අතර එහි පැමිණ සිටි ජනතාව සහ විශේෂයෙන් පාසල් සිසුන් සමග අදහස් හුවමාරු කරගනිමින් ඔවුන්ව දැනුවත් කිරීමට ද ඒ මහතා කටයුතු කළේය.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ධම්මික පෙරේරා මහතා,

“අපට හරි සතුටු දවසක් අද. ඇයි ඒ, ඩීපී එඩියුකේෂන් එකේ 90%ක් ස්මාර්ට් ෆෝන් තියෙන අයගේ ළමයි ඉගෙන ගන්නවා. එතකොට අපට තව කැප්චර් කරගන්න තියෙන්නේ 10%කගේ වගේ පමණ පිරිසක්. මේ වගේ ස්ථානයකට ඇවිල්ලාත් අපි ප්‍රදර්ශනය කරන්නේ අධ්‍යාපනයෙන් කොහොමද ඊළඟ මට්ටමට රට ගෙනියන්න පුළුවන් කියන එකයි, අපේ ළඟ තියෙන අනෙක් ප්‍රධාන නිමැවුම් මොනවාද කියන එකයි. විශේෂයෙන් කෝඩින් වගේ දෙයක් ගත්තාම ළමයෙකුට අවුරුද්දකින්, අවුරුදු එක හමාරකින් රස්සාවක් හොයාගන්න ලේසිම ක්‍රමය තමයි කෝඩින් ඉගෙන ගන්න එක. ඉතින් ඒකත් dpcode.lk එකට ආවොත් හොඳින්ම කරගෙන යන්න පුළුවන්, අවුරුද්දක් වගේ කාලයකින් රස්සාවකට යන්න පුළුවන්.

තොරතුරු තාක්ෂණය වගේ විෂයයක් ජාත්‍යන්තර විදියට ඉගෙන ගත්තා නම් ගණිතය, විද්‍යාව වගේ විෂයයන් අපි ජාත්‍යන්තර මට්ටමට ඉගෙන ගත්තා නම් ලෝකෙටම තමයි ශ්‍රම බලකාය හදන්නේ. හැබැයි දැන් අපි හදන්නේ ලංකාවට. ඉතින් මම හිතන්නේ අපි ඒක තමයි විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණ විෂයය ගත්තේ. මොකද ලේසියෙන්ම ළමයෙකුට අවුරුද්දකින් අවුරුදු එක හමාරකින් හොඳ රස්සාවක් හොයලා දෙන්න පුළුවන් මේ IT වගේ විෂයයකින්. සමනළයෙක් පියාඹන තැන ඉඳලා පයිතන් පරිගණක භාෂාවෙන් රොබෝ කෙනෙක් ප්‍රෝග්‍රෑම් කරන තැන වෙනකල් ඉගෙන ගන්නත් අවුරුද්දයි යන්නේ. අපේ dpcode.lk එකට ආවොත් ඒ ඔක්කොම පහසුකම් තියෙනවා මොරටුව විශ්ව විද්‍යාලයේ ෆුල් ස්ටැක් ඩිවලොපර් පාඨමාලාවත් කරලා, රොබෝස්ලාත් ප්‍රෝග්‍රෑම් කරන මට්ටමට ඕනෙම ළමයෙකුට එන්න පුළුවන්”

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan