මුතුරාජා තායිලන්තය බලා පිටව යයි

Date:

තායිලන්තය විසින් මීට වසර 22කට පෙර මෙරටට පරිත්‍යාග කරන ලද මුතුරාජා නොහොත් සක්සුරින් හස්තියා අද (02) උදෑසන කටුනායක ගුවන් තොටුපලේ සිට තායිලන්තයේ බැංකොක් නුවර බලා ආපසු රැගෙන ගොස් තිබේ.

ප්‍රසිද්ධ කන්දේ විහාරය භාරයේ සිටි මෙම හස්තියා රැකබලා ගැනීමේදී ගත් නොමනා ක්‍රියාමාර්ග සහ නොසැළකිලිමත් භාවය හේතුවෙන් අවස්ථා ගණනාවකදී රෝගාබාධවලට ලක්ව තිබිණි.

එම හස්තියාගේ සෞඛ්‍ය තත්වය දිගින් දිගටම පිරිහීම තුළ ඔහුව නැවත තායිලන්තය කරා රැගෙන යාමට අවස්ථාව ලබාදෙන ලෙස එරට රජය ශ්‍රී ලංකාවෙන් කළ ඉල්ලීමක් අනුව මෙසේ අද රුසියානු ගුවන් යානයක් මගින් රැගෙන යනු ලැබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දෙහිවල වෙඩිතැබීමක්. හෝටල් හිමිකරුවෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ පිහිටි හෝටලයක්...

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...