*
Friday, July 5, 2024
spot_img

Latest Posts

ගෝල් සහ කළම්ඹු ජය වාර්තා කරති

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 03, (LNW) කොළඹ :

LPL තරගාවලිය යටතේ ඊයේ පැවති තරගවලදී ජෆ්නා කිංග්ස් කණ්ඩායම පරාජයට පත් කරමින් ගෝල් මාවර්ල්ස් කණ්ඩායමත්, මහනුවර ෆැල්කන්ස් කණ්ඩායම පරාජයට පත් කරමින් කළම්ඹු ස්ට්‍රයිකර්ස් කන්ඩායමත් ජයග්‍රහණ වාර්තා කරන්නට සමත් වුණා.


ජැෆ්නා සහ ගෝල් කණ්ඩායම අතර තරගයේ දී කාසියේ වාසිය ලැබූ ජෆ්නා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.ඔවුන් සතුව සිටින ශ්‍රි ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය පැතුම් නිශ්ශංක සහ කුසල් මෙණ්ඩිස් ඉණිම ඇරඹුව ද, කුසල් ලකුණු 4 ට දැවී ගියා.එහෙත් පැතුම් (51) සහ අවිශ්ක ප්‍රනාන්දු (59) අර්ධ ශතක ලබමින් දෙවන කඩුල්ලට ඇති කළ ලකුණු 81 සබඳතාවය සමඟ ජැෆ්නා කණ්ඩායමේ ලකුණු පූවරුව හිස ඔසවා සිටියා.ඉණිමේ මැද භාගයේ දී චරිත් හසලංක (33) සහ ධනංජය ද සිල්වා (18) ද දැක් වූ වේගවත් දායකත්වය නිසා තරගය නිමාවේ ජැෆ්නා ලකුණු පූවරුව කඩුලු 7 ට ලකුණු 177 ක් ව තිබුණා. ශහූර් ඛාන් ලකුණු 34 ට කඩුලු 3 ක් ලබා ගනිමින් ගෝල් පන්දු යැවීම අතින් ඉදිරියෙන් සිටියා.


සෑහෙන හොඳ මට්ටමක ලකුණු තත්ත්වයක් ලෙස පෙනෙන්නට තිබුණත් නිරෝෂන් දික්වැල්ල සහ ඇලෙක්ස් හේල්ස් ආරම්භක කඩුල්ල වෙනුවෙන්ම ඒ දුර කෙටි කරන්නට සමත් වුණා.වේගවත් ලකුණු 66 ක ආරම්භක කඩුල්ලේ සබඳතාවයෙන් ලකුණු 47 ක් ම රැස් කළ දික්වැල්ල දැවී ගියද ලකුණු පූවරුව 127 දක්වා එසැවෙන තුරු කඩුල්ලේ සිටි අලෙක්ස් හේල් ලකුණු 65 ක් දායකත්වයක් ලබා දුන්නා.ඒ නිසාම ඔහු ගාල්ල කණ්ඩායම තරගයේ අවසාන පන්දුවේදී ලද කඩුලු 5 ක ජයේ පුරෝගාමීයා ලෙස සළකමින් තරගයේ වීරයා ලෙස ද නම් කර තිබුණා.තීරණාත්මක අවසන් පන්දුවට සහන් ආරච්චිගේ විසින් එල්ල කළ හතරේ පහරත් සමඟ ලකුණු 179 දක්වා ගෝල් ලකුණු පූවරුව ඉහළ ගියේ මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් එකතු කරමින්
ඉකුත් වසරේ සූරතාවය දිනූ කැන්ඩි ෆැල්කන්ස් කන්ඩායම තරගාවලිය ආරම්භ කරමින් දඹුල්ල සික්සර්ස් කණ්ඩායම පරාජයට පත් කර ජයග්‍රාහීව ගමන ඇරඹුවත් කොළඹ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම ඊයේ ඊට හරස් වුණා.ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමට ද නායකත්වය දෙන වනිඳු හසරංග කැන්ඩි නායකයා ලෙස කාසියේ වාසිය ගෙන පන්දුවට පහර දීමට කළම්ඹු කණ්ඩායමට කළ ඇරයුම අනුව ඔවුන් මෙවර තරගාවලියේ ඉහළම ලකුණු වාර්තාවට යමින් පන්දු ඕවර් 20 තුළ කඩුලු 7 ට ලකුණු 198 ක් ලබා ගත්තා.


ඒ වෙනුවෙන් වැඩිම ලකුණු ගණනක් ලබා දුන්නේ සදීර සමරවික්‍රමයි.ඔහු පන්දු 26 දී ලකුණු 48 ක් ලබා ගැනීමට සමත් වුණා.තිසර පෙරේරා සහ මොහොමඩ් වසීම් පිළිවෙලින් ලකුණු 38 ක් සහ ලකුණු 32 ක් ලබා ගනිමින් කැපී පෙණුනා.ඉණිමේ අවසාන භාගයේදි බොහෝ කරුණුවලට පිත්තෙන් පිළිතුරු දෙන කෙටි ඉණිමක් දියත් කළ චාමික කරුණාරත්න පන්දු 10 දී ලකුණු 25 ක් නොදැවි ලබා ගත්තා.පන්දු යැවීමේදී වනිඳු හසරංග ලකුණු 30 ට කඩුලු 2 ක් සහ කසුන් රාජිත ලකුණු 56 ට කඩුලු 2 ක් ලබා ගැනීමට සමත් වුණා.


පිළිතුරු ඉණිම දියත් කිරීමේ දී නැවතත් ලකුණු අතර සිටින බව පැහැදිළි කරමින් දිනේෂ් චන්දිමාල් එකතු කළ ලකුණු 38 කැන්ඩි කණ්ඩායමේ පිතිකරුවෙක් ලද වැඩිම ලකුණු ප්‍රමාණය ලෙස සටහන් වුණා.විශේෂයෙන් දුනිත් වෙල්ලාලගේ සහ සදාබ් ඛාන් ගේ දඟ පන්දු සුසංයෝගය ඉදිරියේ අසරණ වූ කැන්ඩි කණ්ඩායම ලකුණු 147 ට දැවී ගියා.දුනිත් ලකුණු 20 ට සහ සදාබ් ලකුණු 22 ට කඩුලු 4 බැඟින් දවා ගනිමින් කළම්ඹු කණ්ඩායමට ලකුණු 51 ක ජයක් ලබා ගන්නට ඉඩ සළසා දුන්නා.
කැඵි පෙනෙන තරුණ මුල් පෙළේ පිතිකරුවෙක් වූ පවන් රත්නායක ට කැන්ඩි කණ්ඩායමෙන් ඉඩක් මේ තරගයේදී ලැබී තිබුණ ද,ඔහු පන්දුවට පහර දීම සඳහා පිටියට යොමු කළේ අංක නවය පිතිකරුවා ලෙසයි.එවැනි ක්‍රීඩකයෙකුට හැකියාව පෙන්වීමට මෙන්ම ඔහු පිළිබඳව තබා තිබෙන විශ්වාසය ද වැදගත් අතර මුල් පෙළ තරගවලදී ද ලකුණු අතර සිටින අයෙකු එසේ සැළකීමෙන් ඇතිවන්නේ පසුබෑමක් සහ චකිතයක් පමණි.නමට අවුරුදු 23 න් පහළ ක්‍රීඩකයින් යොදවන්නේ නැතුව ඔවුන්ගෙන් ඉහළම වැඩ ගැනීමට අවශ්‍යය පසුබිමක් සැකසීමත් මේ තරගාවලියෙන් අනාගතයට දෙයක් ඉතුරු කර තබන්නට වැදගත් වනු ඇත.

කැන්ඩි සහ කළම්ඹු අතර තරගයේ ලකුණු පූවරුව – https://es.pn/4eQygbG
ජැෆ්නා සහ ගෝල් අතර තරගයේ ලකුණු පූවරුව – https://es.pn/4eOOguJ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan