රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW :
අපරාධ පරීක්ෂණයක් සඳහා අත්‍යවශ්‍යව සිටින සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගේ සහය පතයි.
බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් සිදුකරනු ලබන මෙම විමර්ශනයට අදාළ වැදගත් තොරතුරු අනාවරණය වී ඇති අතර, සැකකරුවන් මේ වන විට තම නිවෙස්වලින් පලාගොස් සැඟවී සිටිති.
මෙම පුද්ගලයන් පිළිබඳ යම් හෝ තොරතුරක් දන්නේ නම්, වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ අදාළ අධ්යක්ෂවරයාගේ දුරකථන අංකය වෙත දැනුම් දෙන ලෙස බලධාරීහු තරයේ ඉල්සා සිටිති.
පලාගිය සැකකරුවන් අතර රාජපක්ෂ පතිරණගේ හිමාලි සෙව්වන්දි, රාජපක්ෂ පතිරණගේ තරිඳු ජීවන්ත සහ බද්දේගම පතිරණගේ විරාජ් නිමශ්ක යන අය ඇතුළත් වෙති. අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම පිණිස පුරවැසියන්ගේ විමසිලිමත්බව සහ සහයෝගය ඉතා වැදගත් වන බව පොලිසිය පෙන්වා දෙයි.
සැකකරුවන් පිළිබඳ විස්තර පහතින්,
සැකකරුවන් පිළිබඳ විස්තර පහතින්,
- රාජපක්ෂ පතිරණගේ හිමාලි සෙව්වන්දි
නො.12, 4 වන අදියර, ඔබේසේකර පාර, ගල්කිස්ස
ජා.හැ. අංක – 199880503210 - රාජපක්ෂ පතිරණගේ තරිඳු ජීවන්ත
ජා.හැ. අංක – 200430904977 - බද්දේගම පතිරණගේ විරාජ් නිමශ්ක
නො.16, 4 වන අදියර, අබේසේකර පෙදෙස, ගල්කිස්ස
ජා.හැ. අංක – 199532800493


