අපේ සහය ඕනේ නම් අපි ළඟට එන්න – පොහොට්ටු ලේකම්ගෙන් අමුතු කතාවක්

Date:

කොළඹ LNW:ජනාධිපති රනිල් වික්‍රසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගන්නේ නම් ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය ලබා දීම ගැන සලකා බැලිය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසුවේය.

කාරියවසම් මහතා මේ බව පැවසුවේ ඊයේ (02) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීම අවශ්‍ය වන බවයි කාරියවසම් මහතා එහිදී සඳහන් කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය වන්නේ පක්ෂයේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම බව ඔහු කියා සිටියේය.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මට්ටමේ පුද්ගලයින් ගැලවී ගියද ඊට පහළ කිසිවෙක් ඔවුන් සමඟ නොයන අතර ඩලස් අලහප්පෙරුම කණ්ඩායමට වූ දෙයින් එය සිතා ගත හැකි බවත් මහින්ද චින්තනයට ගරු කර ඒ සමඟ එක්ව සිටින ජනතාව කිසිවිටෙකත් එය හැර දමා නොයන බවට විශ්වාසයක් ඇති බවයි එහිදී තවදුරටත් කාරියවසම් මහතා පැවසුවේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...