අපේ සහය ඕනේ නම් අපි ළඟට එන්න – පොහොට්ටු ලේකම්ගෙන් අමුතු කතාවක්

Date:

කොළඹ LNW:ජනාධිපති රනිල් වික්‍රසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගන්නේ නම් ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය ලබා දීම ගැන සලකා බැලිය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසුවේය.

කාරියවසම් මහතා මේ බව පැවසුවේ ඊයේ (02) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීම අවශ්‍ය වන බවයි කාරියවසම් මහතා එහිදී සඳහන් කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය වන්නේ පක්ෂයේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම බව ඔහු කියා සිටියේය.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මට්ටමේ පුද්ගලයින් ගැලවී ගියද ඊට පහළ කිසිවෙක් ඔවුන් සමඟ නොයන අතර ඩලස් අලහප්පෙරුම කණ්ඩායමට වූ දෙයින් එය සිතා ගත හැකි බවත් මහින්ද චින්තනයට ගරු කර ඒ සමඟ එක්ව සිටින ජනතාව කිසිවිටෙකත් එය හැර දමා නොයන බවට විශ්වාසයක් ඇති බවයි එහිදී තවදුරටත් කාරියවසම් මහතා පැවසුවේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පසුගිය රජයේ ප්‍රබල නිලධාරියෙක් අද අත්අඩංගුවට ?

පසුගිය රජයේ ඉහළම තනතුරක් දැරූ නිලධාරියකු අද (27) දිනයේදී...

පණ ගැහෙන වර්ණයන්ට වටිනාකමක් ලබා දෙන, Maria කාචයෙන් දකින ලෝකය!

සටහන – පුලී ජනවාරි 27, කොළඹ (LNW): සමහර ඡායාරූප ශිල්පීන්...

ඉරානය දැඩි ප්‍රහාරයකට සුදානම් වේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 27: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදයේ USS...

ශිරන්ති රාජපක්ෂටත් FCIDයෙන් කැඳවීමක්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...