උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ආගමික උත්සවයක් අතරතුර තෙරපීමකින් මිය ගිය ගණන ඉහළට!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඉන්දියාවේ ආගමික උත්සවයක් අතරතුර ඇතිවූ තෙරපීමකින් පුද්ගලයින් 121 දෙනෙකු මියගොස් තිබෙන අතර, උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ හත්‍රාස් දිස්ත්‍රික්කයේ සට්සන්ග් ප්‍රදේශයේ හින්දු ආගමික උත්සවයක් අතරතුර මෙම තෙරපීම සිදුව ඇත.

මියගිය අය අතර බහුතරය කාන්තාවන් හා කුඩා දරුවන් වන බව වාර්තා වේ..පටු මාර්ගයක් ඔස්සේ එක්වර විශාල පිරිසක් ගමන් කිරීමට උත්සාහ දැරීම හේතුවෙන් මෙසේ තෙරපීමක් ඇතිවුණ අතර, මියගිය පිරිස අතර පෑගීමට ලක්වූ බොහෝ දෙනෙකු ද සිටින බව පැවසේ.

සිද්ධියෙන් තුවාල ලැබූ බොහෝ පිරිසක් කඩිනමින් රෝහල් ගත කිරීමට පියවර ගත් අතර, මීට පෙර 2018 වසරේ දී ඉන්දියාවේ දුසේරා ආගමික උත්සවයක් අතරතුර ද 60 දෙනෙකු මියගිය බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW ජනවාරි 30 දා පල්ලෙකැලේදී...

ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපතිත් ඉල්ලා අස්වෙයි !

ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික එයාර්...

දකුණු කොරියාවේ හිටපු ජනාධිපති ආර්යාවට මාස 20ක සිර දඬුවම් නියම කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 28: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු කොරියාවේ බලයෙන්...

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා...