නඩු භාණ්ඩ ලෙස තිබූ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් ඉස්සූ සැකකරු රිමාන්ඩ්!

0
272

සටහන – රෂිකා හෙන්නායක ජූලි 03, කොළඹ (LNW):

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ලෙස තිබූ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් අතුරුදන් වූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු එළඹෙන 16දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන බව සඳහන් වේ.

මෙලෙස බන්ධනාගාරගත කර ඇත්තේ එම නඩු භාණ්ඩ ගබඩාවේ බාරකරු ලෙස කටයුතු කල පුද්ගලයෙක් වන අතර සැකකරු විසින් මත්පැන් බෝතල් 1194ක් සොරාගෙන තිබෙන බව වාර්තා වේ.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.