සටහන – රෂිකා හෙන්නායක ජූලි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
හෙට (04) දින බ්‍රිතාන්‍ය මහ මැතිවරණය ආරම්භ වන අතර, එහිදී සංක්‍රමණික ඡන්දදායකයින්ටත් ඡන්දය ප්‍රකාශ කළ හැකි වීම විශේෂත්වයකි.
ඒ අනුව පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල සරණාගතයින් සහ සංක්‍රමණිකයන්, ප්‍රධාන වශයෙන් නයිජීරියාව, ඉන්දියාව සහ මැලේසියාව වැනි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ පැරණි ප්‍රදේශ, බ්‍රිතාන්‍ය මැතිවරණ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබේ .
මෙහිදී වසර 14ක් බලයේ සිටින අගමැති රිෂි සුනක්ගේ කොන්සර්වේටිව් පක්ෂය වෙනුවට විපක්ෂයේ කම්කරු පක්ෂය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගනු ඇති බවයි බොහෝ දෙනා අපේක්ෂා කරනු ලබන්නේ.