ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය හෙට ටෙහෙරානයේදී

සටහන: සශිකලා මධුෂාණි
ජූලි මස 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙට (04) ටෙහෙරානයේදී දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ පැවැත්වීමට නියමිතය.

ඉරානයට එරෙහි එක්සත් ජනපද–ඊශ්‍රායල් යුද ගැටුමේ පළමු දිනය වන පෙබරවාරි 28 දින අභාවප්‍රාප්ත වූ කමේනිගේ අවමංගල්‍යය මුලින්ම සැලසුම් කළ දිනට වඩා පසුව පැවැත්වීමට සිදු වූයේ ආරක්ෂක හේතු මත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ටෙහෙරානයේ ඉමාම් කොමේනි මහා පල්ලිය ආශ්‍රිතව පැවැත්වෙන මෙම රාජ්‍ය උත්සවයට මිලියන 20කට ආසන්න ජනතාවක් සහභාගී වනු ඇතැයි ඉරාන බලධාරීන් අපේක්ෂා කරන අතර, අවමංගල්‍ය පෙරහැර සහ ආගමික වතාවත් පැය 24කට අධික කාලයක් පුරා පැවැත්වීමට සැලසුම් කර ඇත.

අනතුරුව අයතුල්ලා අලි කමේනිගේ දේහය ශුද්ධ වූ කොම් නගරයට රැගෙන යන අතර, ඉන්පසු මෂාඩ් නගරය වෙත ගෙන ගොස් අවසන් ආගමික වතාවත් සිදු කිරීමට නියමිතය. අවසාන භූමදානය මෂාඩ් නගරයේ පිහිටි ඉමාම් රේසා (AS) ශුද්ධ සිද්ධස්ථානයේදී සිදු කෙරෙනු ඇතැයි වාර්තා වේ.

මෂාඩ් නගරය ඉරානයේ ප්‍රධාන වන්දනා මධ්‍යස්ථානයක් වන අතර, පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, ඉන්දියාව, බංග්ලාදේශය සහ කාශ්මීරය ඇතුළු රටවලින් පැමිණෙන දහස් සංඛ්‍යාත ෂියා වන්දනාකරුවන්ගේ ප්‍රධාන ගමනාන්තයක් ලෙසද සැලකේ.

ඉරානයේ ඉස්ලාමීය ජනරජයේ උත්තරීතර නායක ධුරය දේශපාලනික මෙන්ම ආගමික වශයෙන්ද රටේ ඉහළම බලතල හිමි තනතුර වන අතර, ෂියා ඉස්ලාමීය සම්ප්‍රදාය අනුව එම නායකත්වයට විශේෂ ආගමික වැදගත්කමක්ද හිමි වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...