විනිසුරුවරුන් ක්‍රියාත්මක කරන්නේ ජනතාවගේ අධිකරණ බලයයි. අධිකරණයේ ස්වාධීනත්වයත් අයිති ජනතාවටයි – අගවිනිසුරු සූරසේන

සටහන – රුවන් නෙළුගොල්ල

විනිසුරුවරුන්ට අධිකරණ බලය ලැබෙන්නේ ජනතාවගෙන් බවත් ඔවුන් එය ක්‍රියාත්මක කළ යුත්තේ ජනතාවගේම යහපත උදෙසා බවත් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා පවසයි.

“විනිසුරුවරුන් වශයෙන් ඔබ මේ අසුනේ ඉඳගෙන ක්‍රියාත්මක කරන්නේ ජනතාවගේ අධිකරණ බලයයි. ඔබ ඒ බලය ඔබේ නිවසෙන් රැගෙන එන්නේ නැහැ. අපි ඔබට ඒ බලය ලබාදෙන්නෙත් නැහැ. අධිකරණ සේවා කොමිෂන් සභාව ඔබට බලය ලබාදෙන්නේ නැහැ. එසේ නම් ඔබට බලය ලබාදෙන්නේ කවුද ? ජනතාව. ඒ කාගේ යහපත උදෙසාද ? ජනතාවගේම යහපත උදෙසා. ඒ කරුණ අප නිරන්තරයෙන් මතක තබාගත යුතුයි. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ස්වස්ථි යනුවෙන් හැඳින්වෙන පූර්විකාවේ මේ බව ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා.

අධිකරණයේ ස්වාධීනත්වය යනු ශ්‍රී ලංකාවේ අනාගත පරපුරේ මෙන්ම යුක්තිගරුක සහ නිදහස් සමාජයක් බිහිකිරීම උදෙසා කැපවන ලෝකවාසී සියලු ජනතාවගේ අභිමානය සහ සුබසිද්ධිය සුරක්ෂිත කරන අස්පර්ශනීය උරුමයක්. එසේ නම් මේ අධිකරණයේ ස්වාධීනත්වය ලැබෙන්නේ කොහෙන්ද ? ජනතාවගෙන්. ජනතාවට එය ලැබුණේ කෙසේද ? එය පරම්පරාවෙන් පරම්පරාවට උරුම වූවක්. සැබැවින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පමණක් අධිකරණ ස්වාධීනත්වය නිර්මාණය කරන්නේ නැහැ. ව්‍යවස්ථාව මගින් කරන්නේ එය ආරක්ෂා කිරීමට, ඔසවා තැබීමට සහ පවත්වාගැනීමට අවශ්‍ය රාමුව සැකසීම පමණයි. නමුත් ඒ ශක්තිය පැමිණෙන්නේ අපේ ඉතිහාසයෙන්. එබැවින් අධිකරණයේ ස්වාධීනත්වය අයිති වන්නේ ද ජනතාවටයි.

ඇතැම් අය සිතනවා මම විනිසුරුවරයෙක්, මම ස්වාධීනයි, මට ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියා. නැහැ. එය එසේ නෙවෙයි. පිටතින් බලා සිටින අයට ඔබේ රාජකාරිය ඉතා පහසු එකක් ලෙස පෙනෙන්නට පුළුවන්. මෙන්න කරුණු ටික, මේ දෙස බලා විනිසුරුවරයා තීන්දුවක් දේවි කියා ඔවුන් හිතනවා ඇති. නමුත් සැබෑ තත්වය එය නොවෙයි. ඔබේ වගකීම ඊට වඩා බෙහෙවින් බැරෑරුම්. ජනතාව මේ අධිකරණ පද්ධතිය කෙරෙහි විශාල විශ්වාසයක් සහ ගෞරවයක් තබා තිබෙනවා”

අගවිනිසුරුවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා විනිශ්චයකාරවරුන්ගේ ආයතනයේ නව මහේස්ත්‍රාත්වරුන් සඳහා පෙරේදා (01) පැවැති උත්සවයක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...