එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරනය ‘අත්තනෝමතිකත්වය’ කරා යන බවට චෝදනා

Date:

එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරනය අත්තනෝමතිකත්වය කරා භයානක ලෙස යොමු වෙමින් සිටින බව ඩිමොක්‍රටික් කොන්ග්‍රස් සභික ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ-කෝර්ටෙස් ප්‍රකාශ කර තිබේ.

ඇය මෙම ප්‍රකාශය කර ඇත්තේ Roe v Wade වෙනුවෙන් ගනු ලැබූ මතභේදාත්මක තීන්දුව හා මෑතකදී බයිඩන්ගේ ශිෂ්‍ය ණය සහන වැඩසටහන කඩා කප්පල් කිරීම මෙන්ම LBGTQ+ අයිතිවාසිකම් ආදිය පිළිබඳව පසුගියදා අධිකරණය විසින් අත්තනෝමතිනව ගනු ලැබූ තීන්දු කිහිපයකට පසුවය.

ඇය මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ, විනිසුරු එලේනා කගන් සමඟ, අධිකරණය මේ වන විට ව්‍යවස්ථාදායකයක බලය භාර ගැනීමට පටන් ගෙන ඇති බවත් ඔවුන් කොංග්‍රසය මෙන් ක්‍රියා කිරීම දක්වා ඔවුන්ගේ භූමිකාව පුළුල් කරමින් සිටින හෙයින් අධිකරණයේ නීත්‍යානුකූල භාවය විනාශ වන අතර, එය අපගේ සමස්ත ප්‍රජාතන්ත්‍රවාදය සඳහාම අතිශයින් භයානක බැවින් අධිකරණය සිය බලය අනිසි ලෙස භාවිතා කිරීම පිළිබඳව අප සැබවින්ම අවධානය යොමු කළ යුතු බවයි.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

GMOA සහ ජනපති අතර හදිසි සාකච්ඡාවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත...

ජාතික රෝහලේ ප්‍රධාන කාර්යාලයට වෛද්‍ය බෙල්ලන කුසලානය

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයට...

විපක්ෂයට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ – මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට මින්...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඬුවම ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ හිටපු...