*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

සිම්බාබ්වේ පිත්ත ශ්‍රී ලංකාවේ පන්දුවෙන් පැරදෙයි

ශ්‍රී ලංකාව අපරාජිතව ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමට සමත් වුණේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව කඩුලු නවයක ජයක් ලබමින්ය.නෙදර්ලන්ත තරගයට පසුව පැවති මාධ්‍ය හමුවේදී නවීඩ් නවාස් ප්‍රකාශ කළ පරිදි හරාරේ තණතීරුවද තරග ගණනාවක් ක්‍රීඩා කිරීමෙන් පසුව ලකුණු ලබා ගැනීමට අපහසු තත්ත්වයට පත් වූ බවක් දකින්නට ලැබිණ.

තරගයට පෙර අපේ විග්‍රහයට අනුව තරගාවලියේ හොඳින්ම පන්දුවට පහරදෙන සිම්බාබ්වේ කණ්ඩායම සහ හොඳින්ම පන්දු යවන ශ්‍රී ලංකාවේ හමුවක් වූ අතර තරගයේදී පිත්ත පරදා පන්දුව ජයග්‍රහණය කරා රැගෙන යන්නට ශ්‍රී ලංකාවට හැකි විය.

තණතීරුවේ තත්ත්වය අනුව කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකා නායකයා පළමුව පන්දුවට පහර දීමට සිම්බාබ්වේ කණ්ඩායමට ආරාධනා කළේය.තීරණයට සාධාරණයක් ඉටු කරමින් ඩිල්ෂාන් මධුශංක පළමු කඩුලු 3 ලකුණු 30 ක් වෙද්දී සිම්බාබ්වේ කණ්ඩායමට අහිමි කළේය.වේගයත් දෝලනයත් මනාවට භාවිතා කළ මධුශංක එල්පීඑල් තරගාවලියේ මිල අධිකම ක්‍රීඩකයා බවට තමන් පත්වීම සම්බන්ධයෙන් සාක්කි සටහන් කළේය.

එහෙත් සිම්බාබ්වේ නැංගුරම බවට පත් වී සිටින ෂේන් විලියම්ස් සහ සිකන්දර් රාසා සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 68 ක් එක් කරමින් නැවත සිම්බාබ්වේ කණ්ඩායම ස්ථාවර කරන්නට ගත් උත්සාහයට හරස් වූයේ දසුන් ශානකය.ඔහු ලකුණු 31 ට රාසා දවාගත්තේය.

මහේෂ් තීක්ෂණ දෙවන වර පන්දු යැවීමට කැද වූ පසුව සිම්බාබ්වේ කණ්ඩායම අවුලෙන් අවුලට වැටිණ.විලියම්ස් යළිත් අර්ධ ශතකයක් ලබා ගනිමින් තර්ජනාත්මකව නැඟෙන්නට ගත් උත්සාහය ව්‍යර්ථ කළ තීක්ෂණ විලියම්ස්ව ලකුණු 56 ට පිටියෙන් ඉවත් කළේ කෙළින්ම පන්දුව කඩුල්ලේ දැවටෙන්නට සළස්වමින්ය.තීක්ෂණ එතැනින් නොනැවතී ලකුණු 25 ට කඩුලු 4 දවා ගනිමින් සිම්බාබ්වේ පිතිකරණ සිහින සියල්ල අළු බවට පත් කළ නිසා ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නිල වීරයා බවට ද පත් විය.

මතීශ පතිරණ තවමත් ජාත්‍යන්තර එක්දින පිටියට ඇති තමාගේ ආගන්තුක බව පෙන් වූ අතර පසුපෙළ කඩුලු දෙකක් දවා ගත්තේය.මතීශට වඩා එක්දින තරගවලදී තුන් ඉරියව් දක්ෂතා ඇති චාමික ප්‍රයෝජනයට ගත හැකිව තිබුණත් ඊයේ ද ඒ අවස්ථාව චාමිකගේ තුන් ඉරියව් හැකියාව නිසාම නැති වූ බවක් පෙනෙන්නට තිබිණ.ලකුණු 165 දී සිම්බාබ්වේ ඉණිමට තිරිංග වැටුණු අතර ශ්‍රී ලංකා කඩුලු යන්තරය බවට පත්ව සිටින වනිඳු හසරංගට ඊයේ කඩුලු නොලැබිණ.

පිළිතුරු ඉණිම ගොඩ නැඟීමේදී අනවශ්‍ය කලබලයක් නොපෙන් වූ දිමුත් කරුණාරත්න (30) සහ පැතුම් නිශ්ශංක (නොදැවී 101) පළමු කඩුල්ලට ලකුණු 103 ක සබඳතාවක් පැවත්වීය.දිමුත්ගේ දැවී යාමෙන් පසුව පිටියට පිවිසි කුසල් මෙණ්ඩිස් පැතුම්ට ශතකය කරා යාමට පහසුකම් සළසමින් තරගය ජයග්‍රහණය කරන තෙක් පිටියේ රැදිණ.කුසල් ලකුණු අතරට ඒමට හැකි මට්ටමට පත්වීමද ඊයේ ශ්‍රී ලංකාව ලැබූ ජයක් විය.

ලකුණු සටහනට පහතින් පිවිසෙන්නට හැකිය.

https://www.espncricinfo.com/series/icc-cricket-world-cup-qualifier-2023-1377745/zimbabwe-vs-sri-lanka-24th-match-super-six-1377770/full-scorecard

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan