ප්‍රදේශ කිහිපයකට මි.මි. 150ඉක්මවූ වැසි – විමලසුරේන්ද්‍ර ජලාශයත් වාන් දමයි – නායේ යෑමේ අනතුරු ඇඟවීම අඛණ්ඩව

Date:

කොළඹ LNW:බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බවත් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 150 වැඩි ඉතා තද වැසි ද ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද පළාතේත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ අතර මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ද අධික වර්ෂාවක් ලැබෙමින් පවතින අතර නෝටන් බ්‍රිජ් ජල පෝෂක ප්‍රදේශයට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් විමලසුරේන්ද්‍ර ජලාශය තවදුරටත් වාන් දමන බවයි ජලාශය භාර ඉංජිනේරුවන් පවසන්නේ.

අධික වර්ෂාවෙන් නුවරඑළිය, හැටන්, කොළඹ ප්‍රධාන මාර්ගයේ සහ අතුරු මාර්ගවල රථවාහන ධාවනයට ද බාධා එල්ලවී තිබෙන බව සඳහන්.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග දිස්ත්‍රික්ක තුනකට නායයාමේ අවදානම් නිවේදන නිකුත් කර ඇත.

ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල යන ප්‍රදේශවලට එලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වාහන ලියාපදිංචියේදී හා පැවරීමේදී TIN අංකය අනිවාර්යයයි

සටහන - රුවන් නෙළුගොල්ල වාහන ලියාපදිංචි කිරීමේදී හා අයිතිය පැවරීමේදී...

අභාවප්‍රාප්ත මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු...

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...