ඔලිම්පික් තේරුණු තරුශිට සහ නදීශාට රිටිස්බරි වෙතින් රසවත් ඇගයීමක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 04, (LNW) කොළඹ :

පැරිස් ඔලිම්පික් උළෙල සඳහා තේරී සිටින තරුශි කරුණාරත්න සහ නදීශා ලේකම්ගේ වෙත රිටිස්බරි අනුග්‍රහයෙන් මූල්‍යමය ත්‍යාග පිරිනැමීමක් අද සවස (ජූලි 04) බදුල්ලේ දී සිඳු කිරීමට නියමිත බව වාර්තා වෙනවා.මේ මොහොතේ බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ ක්‍රියාත්මක වන පාසල් සහය දිවීමේ තරගාවලියේ සමාප්ත සමාචාර උත්සවයට විශේෂ ආරාධිතයින් ලෙස ද මොවුන් දෙදෙනා එක් කර ගැනීමට නියමිතය.


පාසල් වියේ සිටම ජාතික මට්ටමේ පාසල් ක්‍රීඩිකාවන් ලෙස කැපී පෙණුන සහ වාර්තාගත දස්කම් දැක් වූ තරුශි සහ නදීශා ඔලිම්පික් සුදුසුකම් ලබා ගත් ක්‍රීඩිකාවන් මෙන්ම තමන්ගේ ඉසව්වල ජාතික වාර්තාලාභීන් ද වේ.ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමෙන් පසුව දෙදෙනා එක්ව සහභාගි වන පළමු ජාතික මට්ටමේ උත්සවය වන්නේ ද මෙම සහය දිවීමේ සැණකෙළියේ සමාප්ත සමාචාර උත්සවය වන අතර දිවයින පුරා විසීරී සිටින පාසල් දරුවන් රැසකගේ දස්කම් ඇගයීම සිඳු කරන ජාතික මට්ටමේ මලල ක්‍රීඩා උත්සවවකදීම මේ ඇගයීම ලැබීම ඔවුන්ගේ පාසල් මලල ක්‍රීඩා ඉතිහාසයේ රසවත් අත්දැකීම් සමඟ අතීතයට යන්නට කරන ආරාධනාවක් වැනි වනු ඇත.එසේම අනාගතය දෙස සුබ සිහින ඇති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විශාල ශක්තියක් සහ මඟ පෙන්වීමක් වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වුණු පැමිණිල්ලේ දූෂණ චෝදනා 8ක් !

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින්...

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...