25 ක් රෝහලට යැවූ ලොරි – බස් අනතුර!

0
374

සටහන – රෂිකා හෙන්නායක ජූලි 04, කොළඹ (LNW):

මාදම්පේ ගලහිටියාව ප්‍රදේශයේදි ලංගම බස් රථයක් සහ සිමෙන්ති පැටවූ ලොරි රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 25දෙනෙකු තුවාල ලබා තිබේ.

තුවාල ලැබූවන් හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පැවසීය.

එම රෝගීන්ගේ කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

අද (04) උදෑසන දේවාල හංදියේ සිට හලාවත හරහා කොළඹ බලා ධාවනය වූ ලංගම බස්රථයකට වේගය පාලනය කරගැනීමට නොහැකිව, පුත්තලමේ සිට කොළඹ බලා එම දිශාවටම ධාවනය වූ සිමෙන්ති ලොරියක ගැටුණු බව වාර්තා වේ.