මමයි නීත්‍යානුකූල ලේකම්.මම හෙට එනවා වැඩ භාරගන්න – දයාසිරිත් SLFP සටන් බිමට!

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නීත්‍යානුකූල ලේකම් ලෙස තමන් හෙට (05) උදෑසන 09.30ට පැමිණ වැඩ භාරගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේය.

ඒ, අද (04) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

තමන්ට බාධා කිරීමට එන ඕනෑම අයෙකුට එරෙහිව නඩු පැවරීමේ අයිතිය තිබෙන බවයි ජයසේකර මහතා කියාසිටියේ.

ආණ්ඩුවේ බලය පාවිච්චි කර පක්ෂ මූලස්ථානයේ බලය අල්ලාගෙන සිටින අයට තමන් පවසන්නේ අධිකරණ තීන්දුවට හිස නමා ගැටුම් ඇතිකර නොගෙන තමන් ඇතුළු කණ්ඩායමට පක්ෂයේ වැඩකටයුතු කිරීමට ඉඩ දෙන ලෙස අවධාරණය කරන බවද දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව තමන්ට බාධා නොවන අන්දමින් කටයුතු කරගැනීම සඳහා පොලිස්පති, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, මරදාන පොලිස් ස්ථානාධිපති මෙන්ම මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාවද දැනුවත් කර තිබෙන බවයි ඔහු තවදුරටත් කියාසිටියේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බේරා ගැනීම වෙනුවෙන් තමන් දිවිහිමියෙන් කටයුතු කරන බවයි එහිදී ජයසේකර මහතා පැවසුවේ.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරය කරන පාක්ෂිකයින්ගෙන් ද ජයසේකර මහතා ඉල්ලීමක් කරමින් පැවසුවේ හෙට උදෑසන 09.30 මරදාන ඩාර්ලි පාරේ පක්ෂ මූලස්ථානයට පැමිණෙන ලෙසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිම සංවිධායකවරයෙක් ඉවත් කිරීමට වෙනත් පාර්ශවයකට කිසිදු අයිතියක් නොමැති අතර පක්ෂයේ නීත්‍යානුකූල ලේකම් ලෙස තවදුරටත් බලතල අතෙහ් තමන් සතුව බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෙඩි බිස්නස්වලට අහුවෙන්න කලින් කියවන්න ….

ගෙඩි බිස්නස් . එහෙම නැත්නම් පොත්පත් වල ප්‍රශ්න තියන...

මඩකලපුව හිටපු OIC ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කරයි

සටහන - රුවන් නෙළුගොල්ල මඩකලපුව පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා ත්‍රස්තවාදය...

චමින්ද ජයසූරියගේ Father චිත්‍රපටයේ පළමු නිල පෝස්ටරය නිකුත් වෙයි

චමින්ද ජයසූරිය විසින් අධ්‍යක්ෂණය කරන ලද Father සිනමාපටයේ පළමු...