අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

Date:

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW :

මෙරට අධිකරණවලින් ඇප ලබා ගෙන, පසුව මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට පළා ගොස් සිටි ශ්‍රී ලාංකික සැකකරුවන් තිදෙනෙකු, එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත එරටින් පිටුවහල් කර යළි මෙරටට එවා තිබෙන බව වාර්තා වේ.

පොලීසිය පැවසුවේ , එසේ පිටුවහල් කළ සැකකරුවන් ඉන්දියාවේ ටි්‍රචි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවූ බවයි .

මොවුන් තිදෙනා ඉකුත් 27 වන දින මන්නාරමෙන් ඉන්දියාව බලා යන බෝට්ටුවක නැගී මෙරටින් පළා ගොස් ඇති බව අනාවරණ වී ඇත.

එසේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි සැකකරුවන් තිදෙනා කටුනායක ගුවන් තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු වැලිහේන, කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර එක් සැකකරුවෙකු මීට අමතරව වැල්ලප්පලම්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව වැඩිදුරටත් වාර්තා වේ .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...