අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW :

මෙරට අධිකරණවලින් ඇප ලබා ගෙන, පසුව මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට පළා ගොස් සිටි ශ්‍රී ලාංකික සැකකරුවන් තිදෙනෙකු, එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත එරටින් පිටුවහල් කර යළි මෙරටට එවා තිබෙන බව වාර්තා වේ.

පොලීසිය පැවසුවේ , එසේ පිටුවහල් කළ සැකකරුවන් ඉන්දියාවේ ටි්‍රචි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවූ බවයි .

මොවුන් තිදෙනා ඉකුත් 27 වන දින මන්නාරමෙන් ඉන්දියාව බලා යන බෝට්ටුවක නැගී මෙරටින් පළා ගොස් ඇති බව අනාවරණ වී ඇත.

එසේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි සැකකරුවන් තිදෙනා කටුනායක ගුවන් තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු වැලිහේන, කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර එක් සැකකරුවෙකු මීට අමතරව වැල්ලප්පලම්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව වැඩිදුරටත් වාර්තා වේ .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...