කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

Date:

කොළඹ LNW: කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අද (04) අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් භාර දී තිබේ.

ඒ,නව ජනතා පෙරමුණ විසිනි.

මෙහිදී කථානායකවරයා වෙත එල්ල කර තිබෙන චෝදනා වන්නේ නිල නිවාස දෙකක් භාවිතා කිරීම හා නිල වාහන දෙකක් වෙනුවට තුනක් භාවිතා කරමින් සිටීමත් ඔහුගේ පෞද්ගලික ලේකම් වෙත සපයා තිබෙන පහසුකම් පිළිබඳවත්ය.

කථානායක වෙත නිල වශයෙන් නිල නිවසක් ලබා දී ඇති පසුබිමක කොළඹ 04,ලෝරිස් පටුමඟ,අංක 02 දරන ලිපිනයේ පිහිටි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අයත් මහල් නිවාස සංකීර්ණයේ අංක 8/1 දරන නිවාස 2025 ජනවාරි මාසයේ සිට භාවිතා කරන අතර ඒ අනුව කිසිම රාජ්‍ය නිලධාරියෙකුට හෝ දේශපාලඥයෙකුට නිල නිවාස දෙකක් භාවිතා කළ නොහැකි බව පැමිණිල්ලේ දක්වා තිබේ.

එමෙන්ම පාර්ලිමේන්තු මහ ලේකම්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති පරිපාලන චක්‍රලේඛ 14/2025 දරන චක්‍රලේඛයට අනුව කථානායක වෙත භාවිතා කළ හැකි නිල වාහන ගණන දෙකක් එන නමුත් ඔහු නිල වාහන තුනක් භාවිතා කරමින් සිටින බවටද පැමිණිල්ලේ දක්වා ඇත.

මේවා පොදු දේපළ පනත යටතේ මෙන්ම දුෂණ විරෝධී පනත යටතේද ගැනෙන වැරදි ලෙසයි පැමිණිල්ල විසින් දක්වා ඇත්තේ.

තවද කථානායකවරයා තමන්ගේ පෞද්ගලික ලේකම්ටද ලෝරිස් පටුමඟ නිල නිවසේ නවාතැන් දී තිබෙන බවත් ඔහුට ආහර සැපයීමද පාර්ලිමේන්තු වියදමින් කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් එම පැමිණිල්ලේ සඳහන් කර ඇත. මේ අතර පෞද්ගලික ලේකම් වෙත නිල වාහන, ඉන්ධන ලබා දී තිබියදී ඔහුද භාවිතා කරන්නේ කථානායකවරයාගේ වාහන බවටද චෝදනා කර සිටියි.

මෙම කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙසයි පැමිණිල්ල විසින් ඉල්ලා ඇත්තේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොහාන් විතරමද නරුම, ජනතාව නරුම නැද්ද ?

රාජපක්ෂ යුගයේ පැවති මැතිවරණවලින් ඉහලින්ම ලකුණු ගත්තෙ ලොහාන්ලා. ඒකට හේතුව...

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...