බැස්ටියන් මාවතේ ද්විත්ව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලිස් වෙඩි පහරින් මරුට

Date:

පිටකොටුව, බැස්ටියන් මාවතේදී පසුගියදා පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අද (04) අළුයම පොලිස් වෙඩි ප්‍රහාරයකින් මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ දර්ගා නගරය සහ ඇල්පිටිය යන ප්‍රදේශවල පදිංචි 41 හැවිරිදි පුද්ගලයකු බව සඳහන්.

අදාළ සැකකරු ගම්පහ ප්‍රදේශයේ සිටින බවට කොළඹ අපරාධ කොට්ඨාසයට (CCD) ලැබුණු ඔත්තුවක් අනුව අද අළුයම එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් සිදුකර ඇති අතර එහිදී සැකකරු යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී පොලිසියට හමුවී ඇති අතර ඒත් සමගම සැකකරු සඟවාගෙන සිටි ටී 56 ගිනි අවියකින් පොලිසිය ගමන්ගත් වෑන් රථයට වෙඩිතබා ඇති බවයි පොලිසිය පවසන්නේ.

එහිදී පොලිසිය එල්ල කළ ප්‍රතිප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ සැකකරු ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රොෂාන් මැති ද තනි වී ඇත මල මැද්දේ

නිශ්මං රණසිංහ ජනවාරි 08, කොළඹ LNW: පිහාටු මල් ක්‍රීඩාව යනු...

තාක්‍ෂණික නිලධාරියෙකු අල්ලස් දැලේ!

රෂිකා හෙන්නායක ජනවාරි 08, කොළඹ LNW : වත්තල ප්‍රාදේශීය සභාවේ...

ලසන්ත ඝාතනයට වසර 17යි – යුක්තිය අපේක්ෂාවෙන් අදත් පහන් දැල්වෙයි! (PHOTOS)

කොළඹ LNW: සන්ඩේ ලීඩර් කතෘ,ජ්‍යෙෂ්ඨ මධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට...

ආරක්‍ෂිත ක්‍රියාමාර්ගවලට යොමුවන්න – කාලගුණයෙන් රතු නිවේදන!

කොළඹ LNW:ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු අවපාතය...