ඉන්ධන ලබාදීමේදී ප්‍රමුඛතාවය හිමි පාර්ශ්ව ගැන ශ්‍රේෂ්ඨාධිකරණය තොරතුරු ඉල්ලයි !

අත්‍යවශ්‍ය සේවා යටතේ ඉන්ධන ලබාදීමේදී ප්‍රමුඛතාවය හිමිවන පාර්ශ්ව මොනවාද යන්න පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයා වෙත නියෝග කර තිබෙනවා. ශ්‍රී ලංකා නීතිඥ සංගමය ගොනුකර තිබූ පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළේය.

ඉන්ධන අර්බුදය‌ හේතුවෙන් රෝහල්, ප්‍රවාහන ඇතුළු ජනජීවිතයට සෘජුව බලපෑම් කරන ක්ෂේත්‍ර රැසක් අර්බුදයට ගොස් ඇති හෙයින් ඉන්ධන අර්බුදය විසඳීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබේ. අගමැතිවරයා, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, විදුලිබල මණ්ඩලය ඇතුළු පාර්ශ්ව කිහිපයක් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත.

මෙම පෙත්සම විජිත් මලල්ගොඩ, මහින්ද සමයවර්ධන, අර්ජුණ ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවා තිබිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...