ගිනි කන්දක් උඩ ඉඳගෙන අපි ටෙනිස් බෝල ගහනවා – විමල්

ඡන්දයෙන් පැරදී ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත් වූ පමණින් රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැති බව ආණ්ඩුව තවමත් තේරුම් ගෙන නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. එවැනි අගමැතිවරයෙකුගේ ආණ්ඩුවකට ජාත්‍යන්තර විස්වාසය දිනාගත නොහැකි බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ දිනෙන් දිනම ජනතාව මුහුණ දෙන ප්‍රශ්න උග්‍ර වන බවයි. කිසිදු ප්‍රශ්නයකට විසඳුම් ලැබී නොමැති බවත්, අවම තරමින් ජනාධිපතිවරයෙකු රටේ සිටිනවාද යන්න බරපතල ගැටලුවක් බවත් මන්ත්‍රීවරයා පවසයි.

එසේ තිබියදී වත්මන් අර්බුදය සාකච්ඡා නොකරන කලින් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම කිසිදු තේරුමක් නොමැති බවද වීරවංශ මහතා පවසනවා.

පාර්ලිමේන්තු සතිය අද ආරම්භ වූ අතර අද දිනයම වෙන්කර තිබෙන්නේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරුන් විසින් ඇමතිවරුන් වෙත යොමුකර ඇති ප්‍රශ්න සඳහායි.

විමල් වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කළේ රටේ ජනතාවගේ මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවගේද විස්වාසය දිනාගත හැකි පාලනයක් ස්ථාපිත කිරීම මුලින්ම සිදුකළ යුතු බවයි. ඒ සඳහා හොඳම විසඳුම සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම බවත්, පාර්ලිමේන්තුවේ දෙපැත්තට බෙදී වාද විවාද පසෙක තබා සියලු දෙනාම එකට එකතු වී අර්බුදයට විසඳුම් සෙවිය යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

අපි මේ සිදු කරන්නේ ගිනි කන්දක් උඩ සිටගෙන ටෙනිස් බෝල ගැසීම වැනි අතිශය භයානක ක්‍රීඩාවක් බව සියලුදෙනාම අවබෝධ කරගත යුතු බවද ඔහු පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...